වී. අයි. ලෙනින්

වාමාංශික ළදරු ගතිය සහ සුඵ ධනපති චිත්ත ස්වභාවය

2

සමහර විට “වාම” වාදීන්ගෙ‍් මෙම යුද්ධය ගැන වූ වදන්, වැඩි කොටම අතීතයට බලපාන හුදු ළදරු මනෝ රංජනයක් සෙ‍් ගෙන, ඒ අනූව, එහි දෙ‍්ශපාළන වැදගත්කම පිළිබද ඡායා මාත්‍රයක්වත් නොමැති යයි සැලකිය හැකිද? නමුත් මෙය වැරදිය. දෙ‍්ශපාලන නායකත්වය ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙක් දෙ‍්ශපාලන ගැටළු ගැන සිතා බැලීමට සමත් විය යුතුය. “වාම” වාදීන්ට මෙම හැකියාව නොමැති හෙයින් ඔවුහූ චපලත්වයෙ‍් ප්‍රතිපත්තියක කොන්ද පන නැති දෙ‍්ශකයන් බවට පත් වෙති. එම ප්‍රතිපත්තියෙන් ඇතිවිය හැක්කෙ‍් එක ප්‍රතිඵලයක් පමනකි. එය මෙසෙ‍්ය: නිසැක ලෙසම රුසියානු සෝ‍්වියට් සමූහාන්ඩුවට අවාසිදායක වන යුද්ධයකට එය ඇද දැමීම පිනිස “වාම” වාදීහු ඔවුන්ගෙ‍් චපලත්වයෙන් අධිරාජ්‍යවාදීන්ට ආධාර කරති. අප උගුලකට හසුකර ගැනීම සදහා ඔවුහූ අධිරාජ්‍යවාදීන්ට ආධාර කරති. දැන් මෙයට කන් දෙන්න:

“. . . ලෝක විප්ලවයෙ‍් මාර්ගය අත්හැර දැමීමෙන්, එක දිගටම සටන මග හැරීමෙන් හා ‘දෙ‍්ශීය ප්‍ර‍ාග්ධනයට’ සහන සැලසීම මගින් ජාත්‍යන්තර ප්‍ර‍ාග්ධනයෙ‍් බලපෑමට යටවීමෙන්, රුසියානු කම්නකරු විප්ලවයට ගැලවී ගත නොහෙ‍්.” “මෙ‍් අනූව බලන කල, වචනයෙන් සහ ක්‍ර‍ියාවෙන් කරන ජාත්‍යන්තර විප්ලවවාදී ප්‍රචාරය හා සම්බන්ධ කරන අධිෂ්ඨාන සහගත පංතිමය ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් පිළිගැනීම සහ ජාත්‍යන්තර සමාජවාදය සමග (ජාත්‍යන්තර ධනපති පංතිය සමග නොව) ඓන්ද්‍ර‍ීය සම්බන්ධය ශක්තිමත් කිරීම අවශ්‍ය වන්නෙ‍්ය. . .”

මෙම ඡෙදය මගින් දෙ‍්ශීය ප්‍රතිපත්තියට අනින පහරවල් ගැන මම වෙනම කරුනු සදහන් කරන්නෙමි. නමුත් විදෙ‍්ශ ප්‍රතිපත්තියෙ‍් ක්ෂෙ‍්ත්‍රයෙහි කර ඇති මෙම වදන් හරඹ තෙ‍ාවිලය හා ක්‍ර‍ියාවෙන් දක්වන බියසුලු ගතිය පරීක්ෂා කර බලන්න. අධිරාජ්‍යවාදී ප්‍රකො‍්ප කිරීමෙ‍් අතකොලු වීමට නොකැමති සහ උගුලට පය දැමීමට නොකැමති අය වර්තමානයෙ‍්දී අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතු උපක්‍රම මොනවාද? සෑම දෙ‍්ශපාලනඥයෙක්ම මෙම ප්‍රශ්නයට පැහැදිලි සය සෘජු පිලිතුරක් දිය යුතුය. එයට අප පක්ෂය දෙන පිලිතුර සුප්‍රසිද්ධය. වර්ථමාන අවස්තාවෙ‍්දී අපි පසුබැසිය යුත්තෙමු; සටන මග හැරිය යුත්තෙමු. මෙය ප්‍රතික්ෂෙ‍්ප කිරීමට තරම් එඩිතර කමක් නොදක්වන අපගෙ‍් “වාම” වාදීහු අහසට වෙඩි තබති: “අධිෂ්ඨාන සහගත පංතිමය ජාත්‍යන්තර ප්‍රතිපත්තියක්”!!

මෙය නම් ජනතාව රැවැට්ටීමකි. ඔබට උවමනා කරන්නෙ‍් දැන් සටන් කිරීමට නම්, ඒ බව විවෘත ලෙස කියන්න. දැන් පසුබැසීමට ඔබ අකමැති නම්, ඒ බව විවෘතව කියන්න. ඔබ එසෙ‍් නොකරන්නෙහි නම්, ඔබ ඉටු කරන වාස්තවික කර්ය කොටස අනූව ඔබ අධිරාජ්‍යවාදී ප්‍රකො‍්ප කිරීමෙහි අතකොලුවක් වන්නෙ‍්ය. එවිට ඔබගෙ‍් මනෝමූල “චිත්ත ස්වභාවය” අනිකක් නොව, උඩගුකම් සහ පුරාජෙ‍්රු දොඩන එහෙත්, පසු බැසීමෙන් හා සංවිධානාත්මක ලෙස පසු බැසීමට උත්සාහ කිරීමෙන් නිර්ධන පංතිකයා කරන දෙ‍් නිවැරදි යයි සම්පූර්නයෙන්ම හගින, උන්මත් සුළු ධනපති පංතිකයාගෙ‍් චිත්ත ස්වභාවයමය. බටහිර විප්ලවය (“වාම” වාදීන්ගෙ‍් නන් දෙඩවිලි ඇසුනත්) “වසන්තයෙ‍් හෝ‍් ගිම්හානයෙ‍්” අනිවාර්යයෙන්ම ආරම්භ වීම “විය යුතු” නොවුනත්, එය සමීප වෙමින් සහ සෑම මාසයක් පාසාම අනුමානය දුරු වී යන ලෙසින් මො‍්රා එමින් පවතිද්දී, කාලය ලබා ගැනීමෙ‍් එකම අවස්ථාව රැදී පවතින්නෙ‍් පසු බැසීම තුල වන අතර, අපට ශක්තිය මද නිසා උරල් කදු දක්වා වුවද (බටහිර හා නැගෙනහිර අධිරාජ්‍යවාදය හමුවෙ‍්) අප පසු බැසිය යුතු යයි කියමින් තර්ක කරන නිර්ධන පංතිකයා නිවැරදි බව සුළු ධනපතියා හගියි.

“වාම” වාදීන්ට “ස්වකීය” ප්‍රත්පත්තියක් නැත. මෙම මොහෝතෙහි පසුබැසීම අනවශ්‍ය යයි කීමට තරම් ඔවුහූ එඩිතර නොවෙති. ඔවුහූ හැරෙති. පෙරැලෙති. වචන වලින් ක්‍ර‍ීඩා කරති. මෙම මොහෝතෙ‍් සටන මග හැරීමෙ‍් ප්‍රශ්නය වෙනුවට “එක දිගටම” සටන මග හැරීම ආදෙ‍්ශ කරති. ඔවුහූ “ක්‍ර‍ියාවෙන් කරන ජාත්‍යන්තර විප්ලවවාදී ප්‍රචාරය” ගැන සබන් පෙන පිඹිති!! මෙහි අර්ථය කුමක්ද?

එහි අර්ථය විය හැක්කෙ‍් දෙකකින් එකක් පමනි. එක්කො‍් එය හුදෙක්ම නස්ද්‍ර‍ියෙ‍ාව්වාදය3 ය. නැතහෝත් එයින් අදහස් කරන්නෙ‍් ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය පෙරලා දැමීමට ආක්‍රමනික යුද්ධයක් කළ යුතු බවය. මෙවැනි විකාරයක් විවෘත ලෙස ප්‍රකාශ කළ නොහැකිය. දෙ‍්ශපාලන විඥානය ඇති සෑම නිර්ධන පංතිකයෙකුගෙ‍්ම සමච්චලයෙන් බෙ‍්රීමට මහා ශාබ්දික හා පුහු වදන් පිටුපස මුවා වීමට “වාම” කොමියුනිස්ට්වාදීන්ට සිදුවන්නෙ‍් එහෙයිනි. “ක්‍ර‍ියාවෙන් කරන ජාත්‍යන්තර විප්ලවවාදී ප්‍රචාරය” යන වාක්‍ය කොටසෙහි අර්ථය අපරික්ෂාකාරී පාඨකයාට හසු නොවෙතැයි ඔවුහූ අපෙක්ෂා කරති.

මහා ශාබ්දික වදන්වලින් ජෙ‍්ත්තුවීම පංතියෙන් පිට දැමුනු සුළු ධනපති බුද්ධිමතුන්ගෙ‍් ගුනාංගයකි. නිර්ධන පංතික කොමියුනිස්ට්වාදීන් මෙම “පුරුද්දට” දෙන්නෙ‍් නිසැකවම සමච්චල් කිරීමට හා වගකිවයුතු නිල වලින් පහ කිරීමට නොඅඩු දඩුවමකි. ජනතාවට සරල ලෙස, පැහැදිලි ලෙස හා සෘජු ආකාරයෙන් අමිහිරි සත්‍යය කිව යුතුය. ජර්මනියෙ‍් යුද්ධ කල්ලිය නැවතත් ප්‍රබල වීමට (එවිට අප්‍රමාදව අපට විරුද්ධ ප්‍රහාරයක් ඇරඹෙනු ඇත.) හා ජර්මනියත්, ජපානයත් එක්ව නිල ගිවිසුමක් මගින් හෝ‍් නිහඩ එකගතාවයෙන් අපගෙ‍් රට බෙදාගෙන අපගෙ‍් ගෙල මිරිකා දැමීමට ඉඩ තිබෙනවා පමනක් නොව, එය සිදුවිය හැකිද දෙයකි. මැත දොඩන්නන්ට ඇහුම්කම් දීමෙ‍් උවමනාවක් අපට නොමැති නම්, අපගෙ‍් උපක්‍රම විය යුත්තෙ‍්, ප්‍රමාදවීම, සටන මගහැරීම හා පසුබැසීමය. අපි මැත දොඩනවුන් ඉවතට තල්ලු කර දමා, සැබැවින්ම අයෙ‍ා‍්මය, නියම වශයෙන් නිර්ධන පංතික සය ඇත්තෙන්ම කොමියුනිස්ට්වාදී විනයක් ඇතිකර ගැනීමෙන් අපගෙ‍් “ශක්තිය වර්ධනය කර ගන්නෙමු” නම්, අපට මාස කීපයක් කාලය ලබා ගැනීමෙ‍් හෝද අවස්ථාවක් ඇත. එවිට (තත්වය නරකින් නරකට ගියත්) අපි උරල් කදු දක්වා පසු බැසීමෙන් වුව, අපගෙ‍් ආධාරයට ඒමත්, විප්ලවය සහ විප්ලවවාදී ඉදිරි ගමනාරම්භයත් අතර දුර (ක්‍ර‍ීඩා වලදී යෙදෙන වචනයක් ගනිතෙ‍ාත්) “ඇල්ලීමටත්” අපගෙ‍් මිතුරාට (ජාත්‍යන්තර නිර්ධන පංතියට) පහසු කරන්නෙමු.

ජාත්‍යන්තර සමාජවාදයෙ‍් තාවකාලික වශයෙන් තනි වූ කොටසත්, එහි අනෙකුත් කොටසුත් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැක්කෙ‍් මෙම උපක්‍රම මගිනි - එමගින්ම පමනකි. නමුත් හිතවත් “වාම කොමියුනිස්ට්වාදීනි”, ඔබගෙ‍් තර්ක සියල්ලම යෙ‍ාමුවන්නෙ‍් එක් මහා ශාබ්දික වදනක් සහිතව එකක් අතර “ඓන්ද්‍ර‍ීය සම්බන්ධය ශක්තිමත් කිරීමට” පමනක්ය යන සත්‍යය ඔබට කියන්නෙමු. මෙය නරක කාලයක “ඓන්ද්‍ර‍ීය සම්බන්ධයකි”!

මගෙ‍් ප්‍ර‍ියමනාප මත්‍ර වරුනි, මෙවන් ව්‍යසනයකට ඔබ හසු වූයෙ‍් කෙසෙ‍් දැයි ඔබට පැහැදිලි කර දෙන්නෙමි. එසෙ‍් වූයෙ‍් විප්ලවවාදී සටන් පාඨ ගැන සිතා බලනවාට වඩා ඔබ ඒවා කට පාඩම් කරන හෙයිනි. එනිසා උපුටා දැක්වීමෙ‍් ලකුනු සහිතව “පීතෘ භූමිය ආරක්ෂා කිරීම” ගැන ලිවීමට ඔබ යෙ‍ාමුවන්නෙ‍හිය. එම ලකුනු යෙදීමෙන් ඔබ සමහර විට අදහස් කරන්නෙ‍් උපහාසය දැනවීමට උත්සාහ දැරීමක් විය හැකි නමුත්, එයින් අ.‍ැත්ත වශෙයන්ම ඔප්පු වන්ෙන‍් ඔබ ඔල්මාදකාරයන් බවය. “ආරක්ෂාවාදය” පහත් හා පිලිකුල් සහගත දෙයක් ලෙස සැලකීමට ඔබ පුරුදු වී සිටී. ඔබ මෙය උගෙන ගෙන කටපාඩම් කරගත්තෙහි ය. ඔබ කොතරම් දුරට කටපාඩම් කරගත්තෙහිද යත්, අධිරාජ්‍යවාදී යුගයකදී පීතෘ භූමිය ආරක්ෂා කිරීම නොකළ හැකි දෙයකැයි යන අර්ථය දෙන ප්‍රලාප දෙඩීමට ඔබ සමහර දෙනෙක් යෙ‍ාමු වන්නෙහිය (ඇත්ත වශයෙන්ම එය නොකළ හැක්කෙ‍් ධනපති පංතිය කරන අධිරාජ්‍යවාදී යුද්ධයකදී පමනි). “ආරක්ෂාවාදය” පිලිකුල් සහගත වන්නෙ‍් මන්ද, ඒ කුමන අවස්ථාවකදී ද යන්න ඔබ සිතා බලා නැත.

පීතෘ භූමියෙ‍් ආරක්ෂාව පිළිගැනීම යනු යුද්ධයෙ‍් සාධාරනත්වය සහ යුක්ති යුක්ත භාවය පිළිගැනීම වෙ‍්. ඒ කුමන කො‍්නයකින් සාධාරනත්වය සහ යුක්ති යුක්ත භාවය ද? ඒ සමාජවාදී නිර්ධන පංතියෙ‍් සහ විමුක්තිය සදහා එය කරන අරගලයෙ‍් දෘෂ්ඨි කො‍්නයෙන් පමනි. අපි වෙනත් කිසිම දෘෂ්ඨි කො‍්නයක් පිළිනොගන්නෙමු. යුද්ධය කරනු ලබන්නෙ‍් සූරා කන පංතිය විසින් එහි පාලනය ශක්තිමත් කිරීමට නම්, එවැනි යුද්ධයක් සාපරාධී යුද්ධයකි. එවැනි යුද්ධයකදී “ආරක්ෂාවාදය” යනු පහත් ලෙස සමාජවාදය පාවා දීමකි. යුද්ධය කරනු ලබන්නෙ‍් තම රටෙහි ධනපති පංතිය පරාජය කළ නිර්ධන පංතිය විසින් සමාජවාදය ශක්තිමත් කිරීමෙ‍් සහ සංවර්ධනය කිරීමෙ‍් අරමුන ඇතිව නම්, එවැනි යුද්ධයක් සාධාරන හා “ශුද්ධ” යුද්ධයකි.

1917 ඔක්තෝබර් 25 දින පටන් අපි “ආරක්ෂාවාදීන්” වූයෙමු. මම මෙය වසරකට වැඩිය සහ ස්ථිර වශයෙන්ම කීවෙමි. එය ප්‍රතික්ෂෙප කිරීමට තරම් ඔබ එඩිතර නොවන්නෙහිය. සමාජවාදී පීතෘ භූමිය ආරක්ෂා කිරීමෙ‍් යුතුකමට අප බැදී සිටින්නෙ‍් නියත වශයෙන්ම ජාත්‍යන්තර සමාජවාදය සමග “සම්බන්ධය ශක්තිමත් කිරීමෙ‍්” අවශ්‍යතාවය විසින්මය. දැනටමත් නිර්ධන පංතිය විසින් ජයග්‍රහනය කර තිබෙන රටක් ආරක්ෂා කිරීම ගැන නොසැලකිල්ලක් දක්වා කටයුතු කරන්නාහු ජාත්‍යන්තර සමාජවාදය සමග සම්බන්ධය විනාශ කරන්නෝ වෙති. අපි පීඩනයට භාජනව සිටි පංතියක්ව සිටි කල්හි, අධ්රාජ්‍යවාදී යුද්ධයකදී පීතෘ භූමිය ආරක්ෂා කිරීම ගැන නොසැලකිලි ආකල්පයක් නොදැක්වූයෙමු. අපි එවැනි ආරක්ෂාවට ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ වූයෙමු. දැන් අපි සමාජවාදය සංවිධානය කිරීම ආරම්භ කර සිටින පාලක පංතියෙ‍් නියෙ‍ා‍්ජිතයන් වන නිසා, රට ආරක්ෂා කිරීම ගැන බරපතල ආකල්පයක් ඇතිව සියළු දෙනාම කටයුතු කළ යුතු යයි බල කරන්නෙමු. තවද රට ආරක්ෂා කිරීම ගැන බරපතල ආකල්පයකින් කටයුතු කිරීම යනු ඒ සදහා තරයෙ‍් සූදානම් වීම සහ බලවෙ‍්ග තුලනය ඇති සැටියෙන්ම තක්සෙ‍්රු කිරීම වෙ‍්. අපගෙ‍් බලවෙ‍්ගයන් කුඩා බව නිසැක නම්, ආරක්ෂාව සදහා ගත යුතු හෝදම මාර්ගය රට අභ්‍යන්තරයට පසු බැසීමය. (මෙය අවස්ථාවෙ‍් අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට කෘතිම වශයෙන් නිමවාගත් සූත්‍රයක් යයි සිතන කෙනෙක් වෙ‍් නම්, යුද්ධ කටයුතු ගැන ශෙ‍්‍ර‍්ෂඨ වියතෙක් වන පැරනි ක්ලව්සෙවිට්ස් ගෙ‍් කෘති වලින් මෙ‍් සම්බන්ධයෙන් ඉතිහාසයෙන් උගත යුතු පාඩම් ගැන කියවිය යුතුය) එසෙ‍් නමුත්, බලවෙ‍්ග තුලනය පිළිඹද ප්‍රශ්නයෙ‍් වැදගත් කම ගැන “වාම කොමියුනිස්ට්වාදීන්ට” වැටහීමක් තිබෙන බවට සලකුනක් වත් ඔවුන් කෙරෙහි දක්නට නැත.

අප ආරක්ෂාවාදයට, ප්‍රතිපත්තියක් වශයෙන්, විරුද්ධව සිටි කල්හි, සමාජවාදයෙ‍් අවශ්‍යතාවයන් නාමයෙන් ස්වකීය පීතෘ භූමිය “බෙ‍්රා ගැනීමට” ඉදිරිපත් වූවනට අප කළ සමච්චලය යුක්ති යුක්ත විය. අප නිර්ධන පංති ආරක්ෂාවාදීන් වීමෙ‍් අයිතිය දිනා ගත් පසු මුළු ප්‍රශ්නයම මූලික වශයෙන් වෙනස් විය. අදාල විවිධ බලවෙ‍්ගයන් ගැන ඉතාමත් නිවැරදි ලෙස තක්සෙ‍්රු කිරීම සහ කල් වෙ‍්ලා ඇතිව අපගෙ‍් ආධාරයට ඒමට අප මිතුරාට (ජාත්‍යන්තර නිර්ධන පංතියට) ඇති ඉඩ කඩ ඉතාමත් සුපරීක්ෂාකාරී ලෙස මැන බැලීම අපගෙ‍් යුතුකම වී තිබෙ‍්. සියළුම රටවල කම්කරුවන් එක්සත් වීමට (ඇත්ත වශයෙන්ම එක්සත් වීමට, එනම් විප්ලවය ආරම්භ කිරීමට) පෙර සතුරා (ජාත්‍යන්තර නිර්ධන පංතිය) ටිකෙන් ටික විනාශ කිරීම ප්‍ර‍ාග්ධනයෙ‍් උවමනාව වන්නෙ‍්ය. විප්ලවවාදී කම්කරු සෙ‍්නාංකයන් එකම මහා ජාත්‍යන්තර හමුදාවකට එක්සත් වන මොහෝත (නැතහෝත් එම මොහෝතෙන් පසු අවස්ථාවක්) දක්වා තීරනාත්මක සටන කල් දැමීමට ලැබෙන ඉතාමත් සළු අවසරයෙන් පවා ප්‍රයෙ‍ා‍්ජන ගැනීමට හැකි සියල්ලක්ම කිරීම අපගෙ‍් යහපත පිනිස වන්නෙ‍්ය.


සටහන්

[3]ගෙ‍ාගෙ‍ාල් ගෙ‍් “මළ ගිය අ‍ැත්තෙ‍ා‍්” නව කථාවෙහි එන සාහසික ඉඩම් හිමි චරිතයක් වන “නස්ද්‍ර‍ියෙ‍ාව්” ගෙ‍් නම අනූව ගත් යෙදුමකි.