ෆෙඩ්රික් එංගල්ස්

සාමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට


නාමාවලිය

ආක්රයිට් (Arkwright) රිචඩ් (1732-1792) ඉංග්‍රීසි ව්‍යාපාරිකයෙක් විය. එංගලන්තයේ කෙරුනු සොයාගැනීම් ගණනාවක් පිළිබද පේටන්ට් බලය වංචාවෙන් අත්පත් කරගත්තේය.

ඇනක්සගෝරස් (ක්‍රි.පූ 500 පමණ -428) පුරාණ ග්‍රීක ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් විය.

ඇරිස්ටෝටල් (ක්‍රි:පු: 384-322) - පුරාණ ශ්‍රේෂ්ඨ චින්තකයෙකි. ඔහුගේ කාලයේ ලබාගත හැකි දැණුම සම්පූර්ණ වශයෙන්ම ඔහුගේ කෘතිවල අන්තර්ගත විය. දර්ශනයේදී ද්‍රව්‍යවාදය හා විඥ්ඥානවාදය අතර වැනුනේය.

ඕවන් (Owen) රොබට් (1771-1858) ඉංග්‍රීසි මනෝරාජික සමාජවාදියෙක් විය.

කවර්ඩ් (Coward), විලියම් (1656 පමණ - 1725) ඉංග්‍රිසි ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් හා වෛද්‍යවරයෙක් විය.

කවලෙව්ස්කි, මක්සිම් මක්සිමව්ව් (1851-1916) රුසියානු සමාජ විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මානව වංශ විද්‍යාඥයෙක් හා නීතිඥයෙක් විය. පෞරාණික ප්‍රජා ක්‍රමය ගැන කෘති කිපයක කතෘ විය.

කාට්රයිට් (Cartwrighi) එඩ්මන්ඩ් (1743-1823) - සුප්‍රසිද්ධ ඉංග්‍රිසි නවනිර්මාණකයා.

කාන්ට් (Kant) ඉම්මෑනුවෙල් (1724-1804) ජර්මන් මුල් දර්ශනවාදයේ ප්‍රාරම්භකයා විය. විඥානවාදියෙක් වු ඔහු ස්වාභාවික විද්‍යාව ගැන ලියු ඔහුගේ කෘති සම්බන්ධයෙන් සුප්‍රසිද්ධය

කාලයින් (cariyie) තෝමස් (1795-1881) ඉංග්‍රිසි කතෘවරයෙක් හා ඉතිහාසඥයෙක්ද විඥානවාදී දාර්ශනිකයෙක්ද විය.

කාල්වින් (Calvin) රිචඩ් (1509-1564) ප්‍රතිසංස්කරණයේ දෘෂ්ටිවාදියෙක් හා කාල්වින්වාදයේ නිර්මාතෘවරයාද විය. කාල්වින්වාදය, ප්‍රොතෙස්තන්ත්‍රවාදයේ ප්‍රවණතාවයක් වූ අතර ප්‍රාතමික වහයෙන් ප්‍රාග්ධනය සමුච්ඡගත වීමේ අවධායේ ධනපති අවශ්‍යතාවයන් ප්‍රකාශ කළේය.

කොබ්ඩන් (Cobden) රිචඩ් (1804-1865) ඉංග්‍රීසි කර්මාන්තකරුවෙක්ද, දේශපාලඥයෙක්ද විය. නිදහස් වෙළදාමේ පක්ෂවාදියෙක් හා ධාන්‍ය නීති විරෝධී සංගමයේ ආරම්භකයෙක් ද විය.

කොලින්ස් (Collins) ඇන්තනී (1676-1729) ඉංග්‍රීසි ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් විය. ඔහු ලොක්ගේ අනුගාමිකයෙක් විය.

ක්‍රොම්වෙල් (Cromwell) ඔලිවර් (1599-1658) 17 වැනි ශතවර්ෂයේ ඉංග්‍රීසි ධනපති විප්ලවයේ ධනපති පංතියේ සහ ධනපති වංශවතුන්ගේ නායකයෙක් විය. 1953 එංගලන්තයේ, ස්කෝට්ලන්තයේ සහ අයර්ලන්තයේ ලෝර්ඩ් ප්‍රොටෙක්ටර් තනතුරට පත්විය.

ජිෆන් (Giffen) රොබර්ට් (1837-1910) ඉංග්‍රීසි අර්ථශාස්ත්‍රඥයෙක් සහ සංඛ්‍යා විද්‍යාඥයෙක් විය. වෙළද මණ්ඩලයේ සංඛ්‍යාලේඛන අංශයේ ප්‍රධානියා විය.

ග්‍යෝතේ (Goethe), යොහාන් වොල්ප්ගාං (1749-1832) ශේෂ්ඨ ජර්මන් ලේඛකයෙක් හා චින්තකයෙක් විය.

වාල්ස් 1 (1600-1649) එංගලන්තයේ (1625-1649) රජ 17 වැනි ශතවර්ෂයේ ඉංග්‍රීසි ධනපති විප්ලවයේදී මරණයට පත්කරන ලදී.

ඩාවින් (Darwin) චාල්ස් රොබට් (1809-1882) ඉංග්‍රීසි ස්වභාවවාදියෙක් සහ විද්‍යාත්මක පරිනාමවාදී ජීව විද්‍යාව සොයාගත් තැනැත්තා විය.

ඩිමොක්‍රිටස් (ක්‍රි:පූ: 460 පමණ - 370 පමණ) පුරාණ ග්‍රීක ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් හා අනුවාදී ක්‍රමය සොයාගත් තැනැත්තා විය.

ඩිස්රේලි (Distaeli) බෙන්ජමින් (බීකන්ස්fපීල්ඩ් ස්වාමිවරයා) (1804-1881) මධ්‍යකාලීන ස්කෝලාස්ටික්වාදී දර්ශනවාදියෙක් හා මධ්‍යකාලීන ද්‍රව්‍යවාදයේ ප්‍රථම ස්වරූපය වූ නාමමාත්‍රවාදය ගෙනහැර දැක්වූවෙක් විය.

ඩූරිං (Duhring) යුජින් කාල් (1833-1921)ජර්මන් දර්ශනවාදියෙක් විය. ඔහු ඔහුගේ දර්ශනයෙන් විඥ්ඥානවාදයත්, පිරිහෙළූ ද්‍රව්‍යවාදයත්, ඉන්දියානුභූත වාදයත් ඒකාබද්ධ කර ගත්තේය. ඔහු සුළු ධනපති සමාජවාදය ගෙනහැර පෑවේය.

ඩොඩ්වෙල් (Dodwell) හෙන්රි (අභාවය - 1784) ඉංග්‍රීසි ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් විය.

දිද්රෝ (Diderot) දෙනී (1713-1784) ප්‍රංශ දර්ශනවාදියෙක් සහ ප්‍රබුද්ධ බුද්ධිමතෙක් විය. යාන්ත්‍රික ස්වභාවයේ ද්‍රව්‍යවාදය ගෙනහැර දැක්වූ අදේවවාදියෙක් හා ප්‍රංශ විප්ලවවාදි ධනපති පංතියේ දෘෂ්ටිවාදියෙක් විය.

දෙකාර්ට් (Descartes) රෙනේ (1596-1650) ප්‍රංශ ද්විත්වවාදී දාර්ශනිකයෙක්, ගණිත විද්‍යාඥයෙක් සහ ස්වභාවවාදියෙක් විය.

නැපෝලියන් 1 බොනපාට් (1769-1821) ප්‍රංශයේ (1804-1814 හා 1815) අධිරාජ්‍යයා විය.

නැපෝලියන් III (ලුවී බොනපාට්) (1808-1873) නැපෝලියන්ගේ බෑනා හා (1852-1870) ප්‍රංශ අධිරාජ්‍යයා විය.

නිව්ටන් (Newton) අයිසැක් (642-1727) ඉංග්‍රීසි භෞතික විද්‍යාඥයෙක්, තාරකා ශාස්ත්‍රඥයෙක්, ගණිත විද්‍යාඥයෙක් විය. ඔහු මුල් යාන්ත්‍රික විද්‍යාවේ ආරම්භකයා විය.

ෆූරියේ (Fourier) ෂාර්ල් (1772-1837) ප්‍රංශ මනෝරාජික සමාජවාදියෙක් විය.

ෆොස්ටර් (Foster) විලියම් එඩ්වඩ් (1818-1886) බ්‍රිතාන්‍ය කර්මාන්තකරැවෙක් සහ ලිබරල් දේශපාලඥයෙක් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ අයර්ලන්තයේ (1880-1882) මහ ලේකම් විය. ඔහු ජාතික විමුක්ති ව්‍යාපාරය අනුකම්පා විරහිතව මර්ධනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

ප්‍රීස්ට්ලි (Priestly) ජෝසප් (1733-1804) සුප්‍රසිද්ධ ඉංග්‍රීසි රසායන විද්‍යාඥයෙකි. ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් හා ප්‍රගතිගාමී සමාජ සේවකයෙකි.

ප්රුදෝන් (Proudhon), පියෙර් ජෝසප් (1809-1865) ප්‍රංශ අර්ථ සාස්ත්‍රඥයෙක්, සමාජ විද්‍යාඥයෙක් හා සුළු ධනපති පංතියේ දෘෂ්ඨිවාදියෙක් විය. අරාජිකවාදයේ ආරම්භකයෙක් විය.

ප්‍රෙඩ්රික් විලියම් III (1770-1840) ප්රූසියාවේ (1797-1840) රජ

බක්ලන්ඩ් (Buckland) විලියම් (1784-1856) ඉංග්‍රීසි භූගර්භ විද්‍යාඥයෙක් සහ පාදිලිවරයෙක් විය. ඔහු භූගර්භ විද්‍යාවේ සොයාගැනීම් බයිබල් කතා සමග ගැලපීමට උත්සාහ කළේය.

බාබේප් (Babeuf), ග්‍රාක්හුස් සැබෑ නම - ප්‍රොන්ස්වා නොයෙල් (1760-1797) ප්‍රංශ විප්ලවවාදියෙක්, සමානත්මතාවාදී මනෝරාජික කොමියුනිස්ට් වාදයේ ප්‍රමුඛ ප්‍රචාරකයා විය.

බීස්මාක් (Bismarack) ඕතෝ (1815-1898) ප්රූසියාන් රාජ්‍ය ආණ්ඩුවාදී පාලකයෙක් විය. 1871-1890 කාලයේ ජර්මන් අධිරාජ්‍යයේ ච්න්සලර් වරයා ද (1878) සමාජවාදයට විරුද්ධ නීතියේ කතෘවරයාද විය.

බේකන් (Bacon) ප්‍රැන්සිස් (1561-1626) ඉංග්‍රීසි දර්ශනවාදියෙක්, ස්වභාව විද්‍යාඥයෙක් හා ඉතිහාසඥයෙක්ද, ඉංග්‍රීසි ද්‍රව්‍යවාදයේ නිර්මාතෘවරයාද විය.

බේමෙ (Bohme) යාකෝබ් (1575-1624) ජර්මන් කර්මාන්ත ශිල්පියෙක් සහ ගුඩ දර්ශනවාදියෙක් විය.

බොලිංබ්‍රෝක් (Bolingbroke) හෙන්රි (1678-1751) ඉංග්‍රීසි රාජ්‍ය පාලකයෙක්, ටෝරි නියකයෙක් සහ දේවවාදී දර්ශනවාදියෙක් විය.

බ්‍රයිට් (Bright) ජෝන් (1811-1899) ඉංග්‍රීසි කර්මාන්තකරුවෙක් විය. ඔහු ධනපති දේශපාලඥයෙක්, නිදහස් වෙළදාම් පක්ෂවාදියෙක් වූ අතර, කොබ්ඩන් හා සමග ධාන්‍ය නීතිවිරෝධී සංගමයට නායකත්වය දුන්නේය.

බ්‍රෙන්ටානෝ (Brentano) ලුයෝ (1844-1931) සාමාන්‍ය ජර්මන් අරථ ශාස්ත්‍රඥයෙක් සහ කතේදර් - සමාජවාදයේ (පුටුවේ සමාජවාදයේ) ප්‍රමුඛ ප්‍රචාරකයා විය.

මාක්ස් (Marx) කාල් (1818-1883)

මාබ්ලි (Mably), ගේබ්‍රියෙල් (1709-1785) ප්‍රංශ සමාජ විද්‍යාඥයෙක් විය. ඔහු සමානාත්මතා මනෝරාජික කොමියුනිස්ට් වාදය ගෙනහැර පෑවේය.

මැටර්නික් (Metternich), ක්ලේමන්ස් (1773-1859) ඔස්ත්‍රියානු රාජ්‍ය පාලකයෙක් සහ රාජ්‍යතාන්ත්‍රඥයෙක් විය. (1809-1821) විදේශ ඇමතිවරයාද (1821-1848) චාන්සලර්වරයාද විය.

මැනර්ස් (manners) ජෝන් (1818-1906) ඉංග්‍රීසි කොන්සර්වටිව් රාජ්‍ය පාලකයෙක් විය. කොන්සර්වටිව් ආණ්ඩුවල ඇමතිකම් කීපයක් දැරුවේය.

මෑන්ටල් (Mantell), ජිඩියෙන් ඔල්ජර්නන් (1790-1852) ඉංග්‍රීසි භූගර්භ විද්‍යාඥයෙක් සහ පාෂාණීධාතු විද්‍යාඥයෙක් විය. ඔහු ස්වකීය විද්‍යාත්මක සොයාගැනීම් සමග බයිබල් කතා ගැලැප්පීමට උත්සාහ කළේය.

මූඩි (Moody), ඩවයිට් (1837-1899) ඇමරිකානු ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලියේ අයෙක් හා දේශකයෙක් විය. ඔහු "පුනර්ජීවන ව්‍යාපාරයේ" සංවිධායකයෙක් විය.

මූන්සර් (Munzer), තොමස් (1490 පමණ - 1525) ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණය හා 1522 ගොවි යුද්ධය සමයේ සාමාන්‍ය ගොවිජන කදවුරේ නායකයෙක් සහ දෘෂ්ටිවාදියෙක් විය. ඔහු සමානාත්මතා මනෝරාජික කොමියුනිස්ට් අදහස් දේශනා කළේය.

මොරෙල්ලි (Morelly), (18 වැනි ශතවර්ෂය) ප්‍රංශයේ සමානාත්මතා මනෝරාජික කොමියුනිස්ට් වාදයේ ප්‍රධාන ප්‍රචාරකයෙක් විය.

රූසෝ (Rousseau), ජාන්-ජක් (1712-1778) ප්‍රංශ ප්‍රබුද්ධ බුද්ධිමතෙක් සහ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද, ප්‍රංශ විප්ලවවාදී සුළු ධනේශ්වර පංතියේ දෘෂ්ටිවාදියෙක් විය.

ලාෆාර්ග් (Lafargue), පෝල් (1842-1911) ප්‍රංශ සහ ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙක් විය. ඔහු ප්‍රංශ කම්කරු පක්ෂයේ ආරම්භකයෙක්ද, මාක්ස්වාදයේ විශිෂ්ට ප්‍රචාරකයෙක්ද, මක්ස් සහ එංගල්ස් සහචරයෙක් හා අනුගාමිකයෙක්ද විය.

ලාප්ලාස් (Laplace), පියෙර් සිමොන් (1749-1827) ප්‍රංශ තාරකා ශාස්ත්‍රඥයෙක්, ගණිත විද්‍යාඥයෙක් සහ භෞතික විද්‍යාඥයෙක් විය. කාන්ට් හා සම්බන්ධයක් නොමැතිව ස්වාධීන ලෙස, සූර්ය මණ්ඩලයේ ආරම්භය පිළිබද න්‍යාය වර්ධනය කර එයට ගණිතමය පදනමක් දැම්මේය.

ලින්නේ (Linne), කාල් (1707-1778) ස්වීඩන් ස්වභාවවාදියෙක් විය. ඔහු පැලෑටි සහ සත්වයන් වර්ග කිරීමේ ක්‍රමයක් සොයා ගත්තේය.

ලුවී පිලිප් (1773-1850) ප්‍රංශයේ (1830-1848) රජ

ලුවී බොනපාට් - නිපෝලියන් III බලන්න

ලූතර් (Lutter), මාටින් (1483-1546) රෙපරමාදු ප්‍රථිසංස්කරණයේ සම්භාවනීය නායකයා සහ ජර්මනියේ ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයේ (ලූතර්වාදයේ) ආරම්භකයා විය. ඔහු ජර්මන් නාගරිකයන්ගේ දෘෂ්ටිවාදියා වූ අතර 1525 ගොවිජන යුද්ධයේදී කැරලිකාර ගොවීන්ට හා දුප්පත් නගර වැසියන්ට විරුද්ධව නයිට්වරුන්ගේ පැත්ත ගෙන ඉදිරිපත් විය.

ලොක් (Locke), ජෝන් (1632-1704) ඉංග්‍රීසි ද්විත්වවාදී දාර්ශනිකයෙක් විය. ඔහු ප්‍රජානනය පිළිබද සංවේදනාවාදී න්‍යාය ඉදිිපත් කළේය.

වට් (Watt), ජේම්ස් (1736-1819) වාෂ්ප යන්ත්‍රය සොයාගත් ඉංග්‍රීසි නිර්මාණකයා.

වයිට්ලිං (Weitling) විල්හෙල්ම් (1808-1871) ජර්මන් කම්කරු පංති ව්‍යාපාරයේ සමාරම්භයේදී එහි ප්‍රමුඛ නායකයෙක් විය. මනෝරාජිකවාදී සමානාත්මතා කොමියුනිස්ට් වාදයේ න්‍යායාචාරියෙක් විය. වෘත්තියෙන් සන්නාලියෙක් විය.

වික්ටෝරියා (1819-1901) එංගලන්තයේ රැජින

ශාෆ්ටස්බරි (Shaftesbury), ඇන්තනී (1671-1713) ඉංග්‍රීසි දේවවාදී දාර්ශනිකයෙක් විය.

සැන්කි (Sankey), අයිරා ඩේවිඩ් (1840-1908) ඇමරිකානු ප්‍රොතෙස්තන්ත දාර්ශනිකයෙක් සහ "පුනර්ජනන ව්‍යාපාරයේ" සංවිධායකයෙක් විය.

සිකින්ගන් (Sickingen), ෆ්‍රොන්ස් ෆෝන් (1481-1523) ජර්මන් නයිට්වරයෙක් සහ මහාරාජ කුමාරවරුන්ට විරුද්ධව පහළ වංශවතුන් (1522-1523) ගෙනගිය කැරැල්ලේ නායකයා විය.

සෙන්-සිමෝන් (Saint-Simon), අන්රි (1760-1825) ප්‍රංශ මනෝරාජික සමාජවාදියෙක් විය.

ස්ටුවාට්ස් - ස්කෝට්ලන්තය (1371 පටන් හා එංගලන්තය) (1603-1649, 1660-1714) පාලනය කළ රජ පවුල

ස්පිනෝසා (Spinosa), බාරූහ් (බෙනඩික්ට්) (1632-1677) ලන්දේසි ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් සහ අදේවවාදියෙක් විය.

හාට්ලි (Hartley), ඩේවිඩ් (1705-1757) ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් සහ ද්‍රව්‍යවාදී දාර්ශනිකයෙක් විය.

හෙන්රි VII (1457-1509) එංගලන්තයේ (1485-1509) රජු

හෙන්රි VIII (1491-1547) එංගලන්තයේ (1509-1547) රජු

හේගල් (Hegel), විල්හෙල්ම් ප්‍රෙඩ්රික් (1770-1831) ජර්මන් දාර්ශනිකයෙක් හා වාස්තවික විඥ්ඥානවාදියෙක් විය. ඔහු විඥ්ඥානවාදී දයලෙක්තික ක්‍රමය පැහැදිළි කිරීමෙන් දර්ශනවාදයට සේවයක් කළේය. එය දයලෙක්තික ද්‍රව්‍යවාදයේ න්‍යායික මූලාශ්‍රය විය.

හෙරක්ලීටස්, ඉපීසියස්හි (ක්‍රි:පූ: 540 පමණ - 480 පමණ) පුරාණ ග්‍රීක දාර්ශනිකයෙක් සහ දයලෙක්තික වාදියෙක් විය.

හෝබ්ස් (Hobbes), තොමස් (1588-1679) ඉංග්‍රීසි දර්ශනවාදියෙක් විය. ඔහු යාන්ත්‍රික දර්ශනවාදය ගෙනහැර පෑවේය. ඔහුගේ සමාජ දේශපාලන අදහස් තුළ බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවනතාවයන් දක්නා ලදී.