ෆෙඩ්රික් එංගල්ස්

සාමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට


පළමු කොටස

සාරානුකූල වශයෙන් නවීන සමාජවාදය ජනිත වුයේ එක් අතකින් ඇත්තන් හා නැත්තන් අතර නම් ධනපතියන් සහ වේතන කම්කරුවන් අතර අද සමාජයේ පවත්නා පංති සතුරුකමද අනික් අතින් නිෂ්පාදනයේ පවතින අරාජිකභාවයද තත් ලෙසින් පිලිගැනීමේ ඒකාන්ත ප්‍රතිඵලයක් ලෙසටය. එසේ වුවද නවීන සාජවාදයේ න්‍යයික ආකෘතිය මුලින්ම ඉදිරිපත් වුයේ දහ අට වැනි ශතවර්ෂයේ ශ්‍රෙෂ්ඨ ප්‍රංශ දර්ශනවාදීන් නම නියම කළ ප්‍රතිපත්තිවල වඩාත් තර්කානුකූල ව්‍යාපීකරණයක ස්වරුපයෙනි. සෑම නව න්‍යායකට මෙන්ම සමාජවාදයටද එහි වටපිටාවෙහි වු බුද්ධිමය අලෙවි භාණ්ඩ සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට ප්‍රථමයෙන් සිදුවිය. එසේ වුවද එහි මුල් ගැඹුරට විහිදී තිබුණේ ද්‍රව්‍යමය ආර්ථික කරුණු තුලය.

ඉදිරියේ එන විප්ලවය සදහා ප්‍රංශ ජනයාගේ සිත් සතන් සුදානම් කළ ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් තමනුදු අත්‍යන්තයෙන්ම විප්ලවාදීන් විය. ඔවුහු කිසිම වර්ගයක කිසිම බාහිර අධිකාරයක් පිළි නොගත්හ ආගම ස්භාවික විද්‍යාව සමාජය දේශපාලන ආයතන යන මේ සිල්ලම ඉතාමත් ක්ෂමා රහිත විවේචනයට විසය කාරණා විය. ඒ සියල්ලක්ම තර්ක බුද්ධියේ විනිශ්චයාසනය හමුවේ ස්වකීය පැවැත්ම සාධාරණ කර පෙන්විය යුතුය. නැතහොත් පැවැත්ම අත් හළ යුතුය. තර්ක බුද්ධිය සියල්ලම මනින එකම මිම්ම බවට පත් විය. ලෝකය ඔළුවෙන් සිට ගෙන ඇතැයි හේගල් ප්‍රකාශ කළ කාලය එය විය. (ප්‍රංශ විප්ලවය ගැන වු මෙ කොටස මෙසේය. නීතිය පිළිබද චින්තනය සහ අවබෝධය එක් වරම පිළි ගැනුණු අතර එයට විරුද්ධව නැගී සිටීමට හැකියාවක් අවනිතිය පිළිබද වු පැරණි දිරාගිය පලංචියට නොවීය. එනිසා මෙම නීතිය පිළිබද වු සංකල්පයෙන් දැන් ව්‍යවස්ථාවක් ස්ථාපිත කර තිබේ. මෙතැන් පටන් සියල්ලම ඒ මත පදනම් විය යුතුය. සූර්යයා දෙව් ලොව සුරක්ෂිතාගාරයේ සිටි තාක් සහ ග්‍රහ තාරකා ඔහු වටා යමින් සිටි තාක් කල් මිනිසා ඔහුගේ හිසෙන් එනම් අදහස් මත සිට මෙම පිළිරුව අනුව යථාර්ථය ගොඩ නගනු කිසි කළෙකත් නොදක්නා ලදී. Nus නැතහොත් ඥන ලොව පාලනය කරතියි ඇනක්සගෝරස් ප්‍රථමයෙන් කීය. නමුත් දැන් පළමු වතාවට පරමාදර්ශයෙන් මානසික යථාර්ථය පාලනය විය යුතුය යන්න පිලිගැනීමට මිනිසා යොමු වී ඇත. එකල මිනිසුන් පරමෝදාර චිත්තාවෙගයකින් ඔද වැඩී ගිය අතර දේව ප්‍රතිපත්තිය ලෝකය හා සමග සැසදුනු කලෙක මෙන් තර්කයේ උද්වේගයෙන් ලොවම ඇලලී ගියේය. (හේගල් "ඉතිහාසය පිළිබද දර්ශනය" 1840 පිටුව 535) - නැසීගිය මහාචාර්ය හේගල්ගේ මෙවැනි පෙරළිකාරී සහ පොදු වශයෙන් අන්තරායකාරී වන උගැන්වීම්වලට විරුද්ධව සමාජවාදීන්ට විරුද්ධ නීතිය37 ක්‍රියාත්මක කිරීමට ඉතාමත් සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා නොවේද?) ප්‍රථමයෙන් සියලුම මිනිස් ක්‍රියා සහ සමාගමයන් සදහා පදනම වුයේ මිනිස් හිස සහ එහි චින්තනයෙන් බැස ගන්නා ලද ප්‍රතිපත්ති වෙතියි යන අර්ථයෙන්ද නමුත් කල් යත්ම මෙම ප්‍රතිපත්තිවලට ප්‍රතිවිරෝධි වන යථාර්ථය උඩු යටි හැරවිය යුතුය. යනඅර්ථයෙන්ද එසේ කියන ලදී එවකට පෙර පැවති සෑම සමාජ සහ ආන්ඩු ආකෘතියක්මත් සෑම පැරණි සම්ප්‍රදායික මති මතාන්තරයක්මත් ආතර්කික සේ සලකා පරණ බඩු දමන කාමරයට විසි කර දමන ලදී. ලෝකය මෙතෙක් තමන්ට ඉඩ දී ඇත්තේ දුර්මතයන් පසු පස යාමට පමණකි. පැරණි සියල්ලක්ම කෙරෙහි දැක්විය යුතු වන්නේ අනුකම්පාව ස පිළිකුල පමණකි. දැන් ප්‍රථම වතාවට හිරු එළිය තර්ක බුද්ධියේ රජදහන පෙනෙන්නට විය. මෙතැන් පටන් සදාකාලික සත්‍යය සදාකාලික යුක්තිය ස්වභාව ධර්මය පදනම් කර ගත් සමානාත්මතාවය හා මිනිසාට අහිමි කළ නොහැකි ඔහුගේ අයිතිවාසිකම් යන මේවා අන්ධ විශ්වාසයත් අසාධාරණයත් වරප්‍රසාදත් පීඩනයත් අභිබවා සිටියේය.

තර්ක බුද්ධියේ රජදහන යනු ධනපති පංතිය පරමාදර්ශ කොටගත් රජදහන වන බවත් මෙම සදාකාලික යුක්තිය ධනපති නීතිය වශයෙන් ක්‍රියාත්මක වු බවත් මෙම සමානාත්මතාවය නීතිය ඉදිරියේ ඇති ධනපති සමානාත්මතාවය වන සේ පහත වැටුනු බවත් ධනපති දේපළ හිමිකම් අයිතිය මුලික මිනිස් අයිතිවාසිකම් වලින් එක් බවත් තර්ක බුද්ධියේ ආණ්ඩුව එමෙන්ම රුසෝගේ සමාජ ගිවිසුම38 ජීයනය ලැබුවේ ප්‍රජාන්ත්‍රවාදී ධනපති සමූහාණ්ඩුවක් වහයෙන් බවත් අපි දැන් දන්නෙමු. දහ අටවැනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨ චින්තකයන් ඔවුන්ගේ පූර්වගාමීන් මෙන්ම ස්වකීය යුගය විසින් තමන් වටකොට පැනවූ සීමාවන් ඉක්මවීමෙහි අසමත් විය.

නමුත් රදළ වංශවතුන්ද සමාජයේ ඉතිරි කොටස මුලුමනින්ම නියෝජනය කරන බවට හිමිකම් දැක්වු නාගරිකයන්ද අතර සතුරු තාවය සමග එක පෙළටම සූරා කන්නන්ද සූරා කනු ලජන්නන්ද අතරත් වු පොදු සතුරුතාවය පැවතියේය. එක විශේෂ පංතියක් පමණක් නොව පීඩා විදි සමස්ත මිනිස් සංහතියම වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයන් වශයෙන් ඉදිරිපත් වීමට ධනපති පංතියට හැකියාව ලැබුණේද මෙම තත්වය නිසාමය එපමණක් නොවේ ධනපති පංතියේ සමාරම්බයේ පටන්ම එය එහි ප්‍රතිප්‍රත්‍යයේ බර දරා සිටියේය. වේතන කම්කරුවන් නොමැතිව ධනපතියනට පැවතීමට නොපුළුවන මධ්‍ය කාලීන ශ්‍රෙණි නාගරිකයා නූතන ධනපතියා වන සේ සංවර්ධනය වූහ. සමස්තයක් සේ සලකන කල ධනපති පංතිය වංශාධිපතියනට විරුද්ධව කළ ඔවුන්ගේ අරගලයේදී; ඒ හා එක්වරම එවකට වු විවිධ වැඩ කරන පංතිවල අවශ්‍යතාවයන් වෙනුවෙන්ද පෙනී සිටින බවට අයිතිවාසිකම් කීමට හැකියාවක් එයට තිබුණත් නූතන නිර්ධන පංතියේ පුරෝගාමියා වු සහ අඩු වැඩි පමණින් සංවර්ධනය වු එම (වැඩ කරන) පංතියේ ස්වාධීන කඩාපැනීම් සෑම මහා ධනපති ව්‍යාපාරයකදීම ඇති වනු දක්නා ලදී. මේ සම්බන්ධයෙන් ජර්මන් ප්‍රතිසංස්කරණය සහ ගොවි යුද්ධය සමයේදී ඈනාබැප්ටිස්ට් වරු39 සහ තෝමස් මූන්සර් ද, මහා ඉංග්‍රීසි විපලවයේදී ලෙවලර් වරුන් ද40 ප්‍රංශ මහා විප්ලවයේදී බාබේෆ් ද පිළිබද නිදර්ශන දැක්විය හැකිය. තවමත් සංවර්ධනය වී නොතිබුණු පංතියක මෙම විප්ලවාදී කැරලි ගැසීම්වලට ගැලපෙන නයයික ප්‍රකාශනයන් දක්නා ලදී. පරමාදර්ශ වහයෙන් සලකන ලද සමාජ තත්වයන් පිළිබද මනෝරාජික පින්තූර දහසය හා දහහත්වැනි ශතවර්ෂවලදී ඉදිරිපත් විය41. දහඅටවැනි ශතවර්ශයේදී සැබෑ කොමියුනිස්ට් ස්වරූපයේ න්‍යාය (මොරෙප්පි සහ මාබ්ලි) ඉදිරිපත් විය. සමානාත්මතාවය සදහා ඉල්ලීම තවදුරටත් දේශපාලන තත්වයන් සහ පුද්ගලයන් දක්වා ව්‍යාප්ත කරන ලදී හුදෙක්ම පංති වරප්‍රසාදයන් පමණක් නොව පංති වෙනස් කම්ද අහෝසි කිරීමට අපේක්ෂා කරන ලදී. නව උගැන්වීමේ ප්‍රථම අකෘතිය වුයේ ජීවිතයේ සියලු සැප සම්පත් හෙළාදකින තවුස් පිලිවෙතක් වැනි කොමියුනිට් වාදයකි. ස්පාර්ටන්වාදයකි අනතුරුව මහා මනෝරාජවාදින් තිදෙන ඉදිරයට වන්හ. සෙන්-සිමෝන් - නිර්ධන පංති ව්‍යාපාරය සමග එකපෙළට සිටුවන ලද මධ්‍යම පංති ව්‍යාපාරය තවමත් එක්තරා දුරකට වැදගත් සේ ඔහු සැලකීය. ෆුරියේ සහ ඕවන් ධනපති ක්‍රමය වඩාත්ම දියුණුවු රටෙහි එම දියුනුවෙන් පැන නැගුණු සතුරුතාවයන්ගේ බලපෑම යටතේ ක්‍රමානුකූල ලෙස සහ කෙළින්ම ප්‍රංශ ද්‍රව්‍යවාදයට ගැලපෙන ආකාරයට පංති වෙනස් කම් ඉවත් කිරීම පිණිස ඔහුගේ යෝජනා සකස් කළේය.

මේ තිදෙනාට පොදු එක් කරුණක් ඇත. ඒ වන විට ඓතිහාසික සංවර්ධනය විසින් ඉදිරිපත් කරනු ලැබ සිටි නිර්ධන පංතියේ අවශ්‍යතාවයන්ගේ නියෝජිතයෙක් වශයෙන් ඉන් එක් අයෙක් වත් පෙනි නොසිටි ප්‍රංශ ද්‍රර්ශනිකයන් මෙන් මොවුහුද මුලින් එක් විශේෂ පංතියක් මුදා ගැනීම ගැන නොකී අතර එක් වරම මුළු මිනිස් වර්ගයාම මුදා ගැනීම කීහ. ඔවුන් මෙන්ම මොවුහුද තර්ක බුද්ධියේ සහ සදාකාලික යුක්තියේ රාජධානිය පහළ කිරීමට අපේක්ෂා කරන නමුත් ඔවුන් එයින් අදහස් කරන්නේ ප්‍රංශ දර්ශනවාදීන් අදහස් කරන දෙයට වඩා අහසට පොළව මෙන් දුරස්තර වූවකි. මෙම දර්ශනිකයන්ගේ ප්‍රතිපත්ති මත පදනම් වු ධනපති ලෝකය අපගේ සමාජ ප්‍රතිසංස්කාරකයන් තිදෙනාට පෙනෙන්නේ ඉතාමත් අතාර්තික සහ අයුක්ති සහගත ලෙසටය. නිසා වැඩවසම් ක්‍රමය හා ඉතිහාසයේ මුල් අවධි සියල්ලම මෙන් එයද ඒකාන්ත වශයෙන් කසල ගොඩ කරා යන්නේය. පිරිසිදු තර්ක බුද්ධිය හා යුක්තිය මෙතෙක් ලොව පාලනය නොකළේ. නම් එයට කම හේතුව මිනිසුන් විසින් ඒවා හරි ආකාර ලෙස වටහා එක් පුද්ගලයෙකි. දැන් ඔහු බිහිවී සිටි දැන් ඔහු බිහිවි සටීමත් සත්‍ය පැහැදිලි ලෙස අවබෝධ කරගෙන තිබීමත් ඓතිහාසික සංවර්ධනයේ සිදුවීම් මාලාවෙන් පැන නැගුනු අනිවාරණීය සිද්ධියක් නොවු හුදු වාසනාවන්ත අහුඹුවක් පමණිකි. ඔහු අවුරුදු 500 කට පෙර මෙසේම උපදින්නට තිබුණි. එසේ වී නම් අවුරුදු 500 ක වැරදි කලි කළහ සහ දුක් පීඩාවලින් මිනිස් වර්ගයා නිදහස් වන්නට තිබුණි.

විප්ලවයේ පුරෝගාමීන් වු දහඅටවැනි ශතවර්ෂයේ පංශ විප්ලවාදීන් තර්ක බුද්දිය මේ සියල්ලෙහි විනිශ්චය කරු සේ සලකා එයට ආයාචනා කරනු දක්නා ලදී. තර්කානානුකූල ආණ්ඩුවක් හා තර්කානුකූල සමාජයක් ඇති කිරීම අපේක්ෂා කරන ලදී. සදාකාලික විචාර බුද්දියට හරස් වන සියල්ලක්ම අනුකම්පා විරහිතව තොර කිරීමට අරමුණු විය. මෙම සදාකාලික තර්ක බුද්ධිය යනු දැන් දැන් ධනපති තත්වයට පරිනාම වෙමින් සිටි දහඅටවැනි ශතවර්ෂයේ පුරවැසියාගේ අවබෝධය පරමාදර්ශයක් කර ගැනීමෙන් නිමවා ගන්නා ලද්දක් මිස අනෙක් නොවන බව අපි දුටුවෙමු. ප්‍රංශ විප්ලවය විසින් මෙම තර්කානුකූල සමාජයහා ආණ්ඩුව ඇති කරන ලදී. එහෙත් නව තත්වය කලින් පැවති කොන්දේසි සමග සංසන්දනය කරන කල තර්කානුකූල යයි ගත හැකි නමුත් එය කිසිසේත් සම්පුර්ණයෙන්ම බිද වැටුනි. රුසෝ ගේ සමාජ ගිවිසුම ත්‍රස්තයේ රජයක් ලෙසින් ක්‍රියාත්මක වු අතර ස්වකීය දේශපාලන හැකියාව ගැන බිදක් විශ්වාසයෙන් යුත් ධනපතියන් ප්‍රථමයෙන් අධ්‍යක්ෂ මන්ඩලයේ42 දුෂණය තළිනුත් අවසානයේ නැපෝලියන්වාදී සර්වාධිකාරයේ සෙවන යටතෙත් ආරක්ෂාව පැතූහ. ඇති කිරීමට පොරොන්දු වු සදාකාලික සාමය රටවල් අල්වා ගැනීමේ කෙළවරක් නැති යුද්ධයක් බවට පරිවර්තනය විය. තර්ක බුද්ධිය පදනම් කරගත් සමාජයටද අත්වුයේ ඊට වඩා හොද ඉරණමක් නොවේ. පොදු සමෘද්ධියක් ඇති වෙමින් එය තුළ පොහොසතුන් හා දුප්පතුන් අතර විරුද්ධතාවය දිය වී යනු වෙනුවට එය එක්තරා දුරකට තුනී කළ ශ්‍රෙණි සහ අනෙකුත් වරප්‍රසාදයන් ඉවත් කිරීම නිසාද පල්ලියේ ප්‍රණ්‍යායතන ඉවත් කිරීම නිසාද එය උත්සන්න විය. දැන් සාර්ථක වු සේ සැලකිය හැකි වු රදළ බන්ධනයන්ගෙන් "දේපළ නිදහස්" දිනා ගැනීම ලොකු ධනපතියන්ගේ හා ඉඩම් හිමියන්ගේ ප්‍රබල තරගය යටතේ මිරිකීගිය සුළු ධනපති සුළු ධනපති ගොවි දේපළ හිමියන්ට දේපලවලින් "නිදහසක්ද" බවට පත් වුයේය. ධනපති ක්‍රම පදනමක් මත වු කර්මාන්ත සංවර්ධනය විසින් වැඩ කරන ජනතාවගේ දුප්පත්කම හා දුක් දොමනස් සහිත භාවය සමාජ පැවැත්මේ කොන්දේසි බවට පත් කරන ලදී. කාලයිල්ගේ වාක්‍ය ඛණ්ඩයෙහි එන පරිදි මුදල් ගෙවීම එන්න එන්නම මිනිසා සහ මිනිසා අතර සම්බන්ධයෙහි එකම මාධ්‍ය බවට පත්විය. අපරාධ සංඛ්‍යාව වසරෙන් වසර ඇවිද්දේය. ඒවා දැනුදු නැති කර නොමැති නමුත් කෙසේ‍ හෝ පසුබිමට වුව තල්ලුවී ඇත. ඒ වෙනුවට මේ දක්වා රහසේ කෙරුණු ධනපති දුසිරිත් වඩාත් සරුසාර ලෙස මල් ගනිමින් වැඩෙන්නට විය. වෙළදාම වැඩි වැඩියෙන් රැවටිල්ලක් බවට පත්විය.

"සහෝදරත්වය" යන විප්ලවවාදී ආදර්ශපාඨය43 ක්‍රියාවට නැගුනේ තරගය නැමති සංග්‍රාමයේ වංචාවන් සහ ප්‍රතිපාක්ෂික භාවය වශයෙනි. බලහත්කාරී පීඩනය වෙනුවට දුෂණය ආදේ කරන ලදී. ප්‍රථම සමාජ ලීවරය වශයෙන් තිබුනු කඩුව වෙනුවට රත්තරන් ආදේශ කරන ලදී. ප්‍රථම රාත්‍රියේ අයිතිය රදළ සාමි වරුන්ගෙන් ධනපති කර්මාන්ත කරුවනට මාරු කෙරින වෛශ්‍යා වෘත්තිය පෙර නොඇසු විරූ තරමින් වැඩි විය. කලින් මෙන්ම විවාහය තවදුරටත් වෛශ්‍යා වෘත්තියේ නිල සළුව ලෙසට පැවති අතර ඊට අමතරව සරුවට කෙරෙන අනාවාරයද එකතු විය. කොටි් කියතොත් දාර්ශනිකයන් හුවා දැක්වු විශිෂ්ස්ඨ පොරොන්දු හා සමග සසදා බලන කල “තර්ක බුද්ධියේ විජයග්‍රහණය” තුළින් ඇති වුනු සමාජ හා දේශපාලන ආයතනයන් සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු සුන් කරන හා ඒවායේ විකට රූප සමාන ඒවාවිය. අඩුවකට තිබුණේ මෙම බලාපොරොත්තු සුන් වීම ගැන විස්තර කිරීමට ඉදිරිපත් වන පුද්ගලයන් පමණකි. නව ශතවර්ෂය ආර්ම්භයේදී මෙම පුද්ගලයෝ ඉදිරිපත් වුහ. 1802 දී සෙන්-සිමොන්ගේ “ජිනිවා ලිපි” පළ විය. ෆූරියේගේ න්‍යායයට පසුබිම 1799 පටන් සකස් වී තිබුණ නමුත් ඔහුගේ ප්‍රථ කෘතිය 1808 දී පළ විය. 1800 ජනවාරි 1 දින නිව් ලනාක්44 හි පාලනය රොබට් ඕවන් විසින් භාර ගන්නා ලදී.

එනමුත් මේ වන විට ධනපති නිෂ්පාදන ක්‍රමයක් ඒ සගම ධනපති පංතිය සහ නි්ධන පංතිය අතර සතුරුතාවයන් තවමත් ඉතා අසම්පුර්ණ ලෙස සංවර්ධනය වු තත්වයක තිබුණේය. දන් දැන් එංගලන්තයේ පැන නැගී තිබුණු නවීන කර්මාන්තය තවමත් ප්‍රංශයේ එළි දැක නොතිබුණි එහෙත් නවීන කර්මා්තය එක් අතකින් ගැටුම් ඇති කරයි එම ගැටුම් නිසා නිෂ්පාදන ක්‍රමයේ විප්ලවයක් කිරීමත් එහි ධනපති ස්භාවය නැති කර දැමීමත් පරම අවශ්‍යතා වයක් බවට පත් වන්නේය. එම ගැට් කෙළවර කිරීමේ මාධ්‍ය වන්නේඒ නිෂ්පාදීය බලවේගයන්ය. එනිසා 1800 වර්ෂය පමණ වන විට සමාජ ක්‍රමයෙන් පැන නගින ගැටුම් යම්තමින් හැඩ ගැන්වෙමින් තිබුණේ නම් ඒවා කෙළවර කිරීමේ කිරීමෙන් මාධ්‍යයන් එහි තුළ අන්තර්ගතව තිබුණේ ඊටත් වඩා යම්තමිනි. ත්‍ර්‍ර්‍ර්‍රස්තයේ රාජ්‍ය පැවති සමයේදී පැරීසියේ කිසි දේපළක් නැති පොදු ජනතාව මොහොතකට ප්‍රම්‍රඛත්වය ලබා ගැනීමෙහි සමත් වු හෙයින් ධනපතියන්ගේ බාධකයන්ද නොතකා ධනපති විප්ලවය ජයග්‍රහණය දක්වා මෙහෙයවීම එයට කළ හැකි විය. එහෙත් එසේ කිරීමෙන් ඔවුන් ඔප්පු කළේ එවකට පැවති තත්වය යටතේ ඔවුන්ගේ ප්‍රමුකත්වය පවත්වා ගැනීම කොතරම් අන්ත දුෂ්කරතාවයක්ද යන්න පමණකි. මෙම කිසිම දේපළක් නැති පොදු ජනතාවගෙන් නව පංතියක න්‍යස්ටියක් මෙන් ප්‍රථම වතාවට පරිනාම වුනු නිර්ධන පංතිය ඒ වන විට ස්වාධීන දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබද කිසිම හැකියාවක් නොමැතිව සිටියේය. එය ඉදිරියට පැමිණියේ පීඩනයට පත් කරන ලද හා වේදනා විදින සමාජ පංතියක් ලෙසටය. තමන්ට ආධාර කර ගැනීමේ හැකියාව නොමැති අයට පිටතින් හෝ ඉහළින් ලබා ගත හැකි ආධාරයට වඩා හොද වෙනත් ආධාරයක් නොමැත.

මෙම ඓතිහාසික තත්වය සමාජවාදයේ නිර්මාතෘවරයන් කෙරෙහිද තදින් බල පෑවේය. ධනපති නිෂ්පාදනයේ ගොරෝසු කොන්දේසිවලට හා ගොරෝසු පංති තත්වයන්ට ගැලපුනේ ගොරෝසු න්‍යායයන්ය. සමාජ ප්‍රශ්නවලට අදාළ විසදීම් වමත් නොදියුණු ආර්ථික තත්වයන් අස්සේ ගැන්වී සගවී තිබුණු අතර ඒවා මිනිස් මොළයෙන් සකස් කර ගැනීමට මනෝරාජිකවාදීහු ප්‍රයන්ත දැරූහ. සමාජයෙන් ඉදිරිපත් විය. එනිසා වඩාත් අංග සම්පුර්ණ සංවිධාන ක්‍රමයක් සොයා ගැනීමත් ප්‍රචාරය හා ආදර්ශ පරීක්ෂණ පිළිබද නිදසුන් මගින් මෙය පිටතින් සමාජය මත සවි කිරීමත් අවශ්‍ය විය. මේම නව සමාජ ක්‍රම වඩාත් අංගසම්පුර්ණ ලෙස හා විස්තර සහිතව සකස් කළ තරමටම ඒවා මනෝවිකාර ලෝකයට ගසා ගෙන යාම වැලැක්විය නොහැකි විය.

මෙම කරුණු තහවුරු කිරීමෙන් පසුව ප්‍රශ්නයේ මෙම අංශය ගැන තවදුරටත් එක බිදක් හෝ විස්තර කිරීම අපට අවශ්‍ය නොවේ. එය දැන් සම්පුර්ණයෙන්ම අතීතයට අයත් දෙයකි. අද අපට සිනහව පමණක් ගෙන එන මෙම මනෝවිකාරයන් ගැන ගම්භීර ලෙස වාද විවාද කිරීමටත් ඒ "උමතුව" හා සමග සසදන කල තමන්ගේ නිසරු තර්කණයෙහි උසස්කම ගැන වගාඩම්බර දෙඩීමටත් සාහිත්‍යයේ පැංචන් හට ඉඩ තබමු. අප යොමුව සිටින්නේ මෙම අමනයන්ට නොපෙනෙන විස්ම උපදවන සුලු මහා චින්තන හා සෑම තන්හිම ස්වකීය මනෝවිකාර වහුන් බිදගෙන එළිදකින චින්තන බීජ ඇසුරෙන් ප්‍රමෝදයට පත්වීමටය.

සෙන්-සිමෝන් ප්‍රංශ මහා විප්ලවයේ පුත්‍ර රත්නයක් විය. එය පටන් ගන්නා විට ඔහු තිස්වැනි විය ඉක්මවා නොසිටියේය. විප්ලවය මහ ජනතාවගේ ජයග්‍රහණයක් විය. එය ජාතියේ වරප්‍රසාද ලත් අලස පංති නැතහොත් වංශවතුන් සහ පූජකයන් පරදවා නිෂ්පාදනයේ සහ වෙළදාමේ නියුක්තව වැඩ කරන පොදු මහ ජනතාවගේ ඉතා කුඩා කොටසක ජයග්‍රහණයක් පමණක් ව බවද එහි සමාජමය වරප්‍රසාද ලත් කොටසක් වන දේපල හිමි ධනපතියන් විසින් දේශපාලන බලය අත්පත්කර ගැනීමක් පමණක් වූ බවද කල් නොයවාම පැහැදිලි විය. එමෙන්ම විප්ලව කාලය තුලදී ධනපතියන්ගේ සංවර්ධනය ඒකාන්ත වශයෙන්ම සීඝ්‍රවිය. වංශවතුන්ගෙන් හා පල්ලියෙන් රාජසන්තක කරන ලද ඉඩම් සම්බන්ධයෙන් සම්ප්‍රේෂණයෙහි යෙදීමෙන්ද යුද්ධ හමුදා කොන්ත්‍රාත් මගින් ජාතියට වංචා කිරීමෙන්ද ඔවුහු එසේ සංවර්ධනය වූහ. අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ප්‍රංශය විනාශ මුඛයට ආසන්න වීමෙන් නැපෝලියන්ට ඔහුගේ කුමන්ත්‍රනය කිරීම සදහා හේතුවක් ලැබුනේ එවකට බල පැවති මෙම වංචාකාරයන්ගේ අධිපතීත්වය නිසාය. මහජනයා සහ වරප්‍රසාද ලත් පංති අතර සතුරුතාවය "වැඩ කරන්නන්" හා "අලසයන්" අතර වන සතුරුතාවයක ආකාරයකින් සෙන්-සිමොන් ට පෙනී ගියේ එහෙයිනි. අලසයන් වූයේ හුදෙක් පැරණි වරප්‍රසාද ලත් පංති පමණක්ම නොවේ. නිෂ්පාදනයට හෝ බෙදාහැරීමට හවුල් නොවී ස්වකීය ආදායමෙන් යැපෙන සියළු දෙනාමත් හම ගණයට අයත් විය. එමෙන්ම "වැඩ කරන්නන්" වූයේ වේතන කම්කරුවන් පමණක් නොව, කර්මාන්ත කරුවන් වෙළෙන්දන් සහ බැංකු කරුවන්ද ඇතුළුවය. බුද්ධිමය නායකත්වය දීමේ සහ දේශපාලන ප්‍රධානත්වය ගැනීමේ හැකියාව නොමැති බව ත්‍රස්තයේ රාජ්‍යයේ අත්දැකීම් වලින් ඔප්පු වූ සෙයක් සෙන්-සිමොන්ට පෙනී ගියේය. එසේනම් මෙම අණදෙන බලය තිබුණේ කාටද? ‍සෙන්-සිමොන් කියන ලෙසට විද්‍යාව සහ කර්මාන්තය යන දෙකම නව ආගමික බැම්මකින් එකට බැදී එක්සත් වන්නේය. ප්‍රතිසංස්කරණයෙන් පසුව නැතිව ගිය ආගමික අදහස් වල සමතයක්, එනම්, අවශ්‍යයෙන්ම ගූඨ ස්වභාවයක් දරණ සහ අනම්‍යශීලි තනතුරු පද්ධතියක් සහිත "නව ක්‍රිස්තියානි" දහමක් පුණරුත්ථාපනය කිරීමට එම එක්සත් කම ඉරණම්ව ඇත. එහෙත්, විද්‍යාව කියන විදිහට එහි ඇත්තේ උගතුන්ය, කර්මාන්තයෙහි ඇත්තේ, පලමුකොටම වැඩ කරන ධනපතියන්, කර්මාන්ත කරුවන්, වෙළෙන්දන් හා බැංකු කරුවන්ය. සෙන්-සිමොන් ඇත්ත වශයෙන්ම බලාපොරොත් වූයේ මෙම ධනපතියන් සහජන නිලධාරීන් සහ සමාජයේ භාරකාරයන් විශේෂයක් ලෙසට පරිවර්තනය වනු ඇතැයි යන්නය. එහෙත් ඒ අතරම ඔවුහු කම්කරුවන් හමුවේ අණදෙන සහ ආර්ථික වශයෙන් වරප්‍රසාද ලත් තත්වයක් දැරිය යුතු විය. ණය හැසිරවීම තුලින් සමස්ත සමාජමය නිෂ්පාදනයම මෙහෙය වීම විශේෂයෙන් බැංකුකරුවන්ට පැවරීමට අදහස් කරන ලදී. ප්‍රංශයේ නවීන කර්මාන්ත හා ඒ සමගම ධනපති පංතිය හා නිර්ධන පංතිය අතර පරතරයද ඇතිවීම ආරම්භයෙන් ඔබ්බට නොගිය කාලයකට මෙම සංකල්පය හරියටම ගැලපුනේය. නමුත් සෙන්-සිමොන් විශේෂයෙන්ම අවධාරණය කරන්නේ මෙයයි. ප්‍රථමයෙන්ම හා අන් සියල්ලටම වඩා ඔහුගේ උනන්දුව යොමු වූයේ "සංඛ්‍යාවෙන් ඉතාම වැඩි සහ ඉතාමත් දුප්පත් පංතියට" අත් වූ ඉරණම කෙරෙහිය. (la classe la plus nombreuse et la plus pauvre) සෙන්-සිමොන්ගේ ජිනීවා ලිපිවලින්ම "සියළු මිනිසුන් වැඩ කළ යුතුය" යන ප්‍රස්තුතය ඔහු ඉදිරිපත් කරයි. තවද ත්‍රස්තයේ රාජ්‍ය දේපල අහිමි පොදු ජනතාවගේ රජයක් වූ බවත් ඔහු එම කෘතියෙන්ම පිලිගනී. ඔහු ඔවුනට මෙසේ කියයි.

"ඔබගේ සහෝදරවරු ප්‍රංශයේ පාලන බලය ඇතිව සිටි කාලයේ එහි සිදුවූ දේ බලන්න, ඔවුහු දුර්භික්ෂයක් ඇති කලහ"

එසේ නමුත් ප්‍රංශ විප්ලවය පංති යුද්ධයක් ලෙසට, හුදෙක් වංශවතුන් හා ධනපතියන් අතර නොව, වංශවතුන්ද, ධනපතිය් සහ දේපල අහිමියන් අතර කෙරුණු යුද්ධයක් ලෙසට 1802 වර්ෂයේදී හදුනා ගැනීම අනාගතයට ඉතාමත් වැදගත් සොයා ගැනීමක් විය. 1816 දී දේශපාලනය යනු නිෂ්පාදනයේ විද්‍යාවයයි ප්‍රකාශ කල ඔහු අර්ථ සාස්ත්‍රය විසින් සම්පූර්ණයෙන්ම උදුරාගනු ඇතැයි යනුවෙන් අනාවැකියක්ද පලකරයි. දේශපාලන ආයතන වල පදනම වන්නේ ආර්ථික තත්වයන්ය යන ප්‍රස්තුතය මෙහි අන්තර්ගතව ඇත්තේ කලල ස්වරූපයෙන් පමණකි. එසේ වුවද මෙහි ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙන්නේ මිනිසුන් මත පනවා තිබෙන දේශපාලන පාලනය අනාගතයේදී භාණ්ඩ පාලනයක් හා නිෂ්පාදන ක්‍රියාදාමය මෙහෙය වීමක් බවට පත්වීම, එනම් මෑතදී මෙතරම් ඝෝෂාවකට හේතු වුනු "රාජ්‍ය අහෝසි කිරීම" පිලිබද අදහසය. යුරෝපයේ සමෘධිමත් සාමයක් ඇති වීමේ එකම සහතිකය ප්‍රංශය හා එංගලන්තය අතරද ඒ දෙරටම හා ජර්මනිය අතරද සන්ධානයක් ඇතිවීමය යි. 1814 දි මිත්‍ර හමුදා පැරීසියට ඇතුළු වු පසු ඒ වහාම සහ 1815 දී සිය දවසේ යුද්ධය45 සමයේදී සෙන්-සිමොන් ප්‍රකාශ කළ විට, ඔහුගේ සමකාලීනයන්ට වඩා ඔහු ශේෂ්ඨයෙක් වන බව නැවතත් පෙනී ගියේය. වෝටර්ලු හි46 ජයග්‍රහකයන් හා සමග සන්ධානයක් ඇති කර ගැනීම ගැන 1815 දී ප්‍රංශුවන්ට දේශනා කිරීමට විශාල ධෛර්යක් හා එතරම්ම විශාල ඓතිහාසීය ඉදිරිදැක්මක්ද අවශ්‍ය විය.

සෙන්-සිමොන් කෙරෙන් අපට සර්වග්‍රාහී ස්වභාවයේ පුළුල් දෘෂ්ටියක් දක්නට ලැබෙන නිසාම පසු කාලයේ සමාජවාදීන් ප්‍රකාශ කළ නිශ්චිත වශයෙන් ආර්ථික නොවන අදහස් සියල්ලම පාහේ ඔහුගේ අදහස් තුළ කලල ස්වරූපයෙන් ගැබ්ව ඇති බව පෙනේ නම් සාජයේ පවත්නා තත්වයන් ගැනසැබවින්ම ප්‍රංශ ස්භාවය ඇති සහ සිනා රස මුසු හෙත් එනිසා කිසිසේත් පරිපූර්ණත්වයෙන් අඩු නොවන විවේචනයක් අපට ෆූරියේ කෙරෙන් දක්නට ලැබේ. ධනපතියනුත් විප්ලවයට පෙර ඔවුන්ගේ ආශිර්වාදය ලත් අනාගත වක්තෘවරුනුත් ඉන් පසුව ඔවුන් ගැන ගුණ ගායනා කරන ඔවුන්ගේ යහපත පතන්නනනුත් කියන දේ ෆූරියේ ඒ හැටියෙන්ම ගන්නේය. ඔහු ධනපති ලෝකයේ ද්‍රව්‍යමය සහ සදාචාර දුකෙන් පිරුනු ස්භාවය කිසිම පැකිළිමකින් තොරව විවේචනය කළේය. ඔහු මෙම ලෝකයත් තර්ක බුද්ධියම පමණක් රජ කරන සමාජයක්ද වාසනාව විශ්වීය වන ශිෂ්ඨාචාරයක්ද සීමා නොකළහැකි මිනිස් පරිපූර්ණත්වයද පිලිබදව කලින් දර්ශනවාදීන් දුන් කාන්තිමත් පොරෝදුත් එමෙන්ම ඔහුගේ කාලයේ ධනපති දෘෂ්ට්ටාවාදීන් හඩ නැංවු මිහිර වාග් මාලාවනුන් එකකට අනික අභිමුඛ කොට තැබීය. ඉතාමත් ඝෝශාකාරී මහා ශාබ්දික පාඨ සමග සාමගාමීව සෑම තැනකම පවතින්නේ ඉතාමත් කණගාටුදායක යථාර්ථයක් බව පෙන්වා දෙන ඔහු මෙම මහා පාඨ පටලැවිල්ල ඔහුගේ ඇනුම් පද සහිත උපායෙහි ගිල්වයි. ෆූරියේ විවේචකයෙක් පමණක්ම නොවේ. ඔහුගේ නොකැළඹෙන ශාන්ත ස්භාවය ඔහු උපහාස රචකයකු බවට පත් කරයි. එපමණක් නොව ඔහු මෙතෙක් දක්නා ලද ශ්‍රෙෂ්ඨතම උපහාස රචකයන්ගෙන් කෙනෙක් වන බවද නිසැකය. විප්ලවයේ බිද වැටීම මතුයෙහි පිපීගිය වංචාකාරී සමපේක්ෂණය සහ එකල ප්‍රංශ වාණිජයෙහි බල පැවැත්වු සහ ස්භාව නිරූපි වු සාප්පුකාර ජීවගුණයද බලවත් ලෙස සහ ඒ සමානව මනස්කාන්ත ලෙස ඔහු විසින් විස්තර කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයේ ධනපති ආකෘතිය සහ ධනපති සමාජයේ කාන්තාවට හිමි තැන පිලිබද වු ඔහුගේ විවේචන ඊටත් වඩා විශිෂ්ඨය. ඕනෑම නියමිත සමාජයක කාන්තාවකගේ විමුක්තිය පොදු විමුක්තිය් ස්භාවික මිමිම වන බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ තැනැත්තා ඔහුය. නමුත් ෆූරියේ ඔහුගේ ශේෂ්ඨත්වයේ උසස්ම තැනට එළඹෙන්නේ සමාජයේ ඉතිහාසය පිළිබද ඔහුගේ සංකල්පය ඉදිරිපත් කිරීමෙනි. මෙතෙක් ගෙවුනු සම්පුර්ණ ඉතිහාස මාර්ගය ඔහු විසින් පරිනාම අවධි හතරකට බෙදනු ලැබේ. මිලෙච්ච අවධිය, පිතෘ මුලික සමාජ ක්‍රමය, අශිලාචාර යුගය හා ශිෂ්ඨාචාර යනු ඒ අවධි හතරය මෙහි සදහන් අවසාන අවධිය අද පවත්නා ඊනියා සිවිල් හෝ සේ නැතහොත් ධනපති සමාජය සමග නම් දහසයවන වර්ෂයේ පටන් ආර්ම්භ වු සමාජ ක්‍රය සමග සර්සවම වන්නේය.

"වනචාරි යුගය විසින් සරල විධියකින් ක්‍රියාත්මක කරන ලද දුශ්චරිතයන් ශිෂ්ඨාචාර යුගය විසින් සංකීරණ ව්‍යකූල අනිශ්විත හා කුහක ාකාරයේ පැවැත්මකට උසස් කරන" බවද ශිෂ්ඨාචාරය "විෂම කවයක" එය නිරතුරුවම ප්‍රයෝජනය කරන එහෙත් එයට විසදිය නොහැකි ප්‍රතිවිරෝධයන් තුලින් ගමන්කරන බවද එනිසා ය දිනාගැනීමට අපේක්ෂා කරන නැතහොත් දිනා ගැනීමට අපේක්ෂා කරන බවත් පෙන්වන දෙයට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ාදය වෙත එය නිතරම එළඹෙන බවද නිදර්ශනයක් වශයෙන් "ශිෂ්ඨාචාරය යටතේ දුප්පත්කම උපදනේ වස්තු අතිබාහුල්‍යතාවයෙන්ම" වන බවද ඔප්පු කරයි.

ෆූරියේ ඔහුගේ සමකාලීන හේගල් මෙන්ම ඉතාමත් දක්ෂ ලෙස දයලෙක්තික විධිය උපයෝගි කරගන්නා බව අපට පෙනේ. මෙම දයලෙක්තික විධියම යොදා ගනිමින් සීමා නොකළ හැකි මිනිස් පරිපුර්ණත්වය ගැන වු කථාවට එරෙහිව තර්ක කරන ඔහු සෑම ඓතිහාසික සමයකම උද්ගමන කාලයක් සහ අවගමන කාලයක් ඇතැයි කියමින් එම නිරික්ෂණය සමස්ත මිනිස් වර්ගයාගේම අනාගතයට ගලපන්නේය. කාන්ට් පොළෝතලයේ අවසාන විනාශය පිළිබද අදහස ස්භාවික විද්‍යාවට ඇතුලත් කළ සේම ෆූරියේ මිනිස් වර්ගයාගේ අවසාන විනාශය පිළිබද අදහස ඓතිහාසීය විද්‍යාවට ඇතුලත් කළේය.

ප්‍රංශ දේශය හරහා විප්ලව සුළි සුළග වේගයෙන් හමා ගිය අතර එංගලන්තයේ ඊට වඩා නිහඩ එහෙත් නිසා ප්‍රබලත්වයෙන් නොඅඩු වු විප්ලවයක් සිදු වෙමින් පැවතුණේය. වාෂ්ප සහ නව උපකරණ නිෂ්පාදක යන්ත්‍ර විසින් භාණ්ඩ තැනීම නවීන කර්මාන්තය බවට පරිවර්තනය කෙරෙමින් තිබුණේය. එමගින් ධනපති සමාජයේ අඩිතාලම විප්ලවයකට භාජනය වෙමින් තිබුණේය. එමගින් ධනපති සමිජයේ අඩිතාලම විප්ලවයකට භාජනය වෙමින් තිබුනේය. භාණ්ඩ තැනී පිළිබද සංවර්ධනයේ හෙමින් ගමන වෙනස් වී නිෂ්පාදනයේ කුණාටුවක් බදු හා කලබලයෙන් පිරි කාලයක් උදාවිය. ලොකු ධනපතියන් සහ දේපළ අහිමි නිර්ධන පංතිකයන් වශයෙන් සමාජය බෙදී යාම නිරන්තරව වර්ධනය වන වේගයකින් සිදු වී ගෙන ගියේය. මේ දෙකොටස අතර කලින් සිටි ස්ථායි මධ්‍යම පංතිය වෙනුවට ජනගහණයේ වැඩියෙන්ම උච්ඡාවචනයට ලක්වන අස්ථායි ජනකායක් වන කර්මාන්ත ශිල්පීහු හා කුඩා සාප්පු කරුවෝ දැන් ඉතාමත් අඩමාන දිවි පෙවෙතක් ගෙවමින් සිටියහ. නව නිෂ්පාදන කුමය තවමත් එහි උද්ගමනයේ ආරම්භක කාලයේ පසුවෙමින් තිබුණි. තවමත් පැවතියේ උද්ගමනයේ ආරම්භක කාලයේ පසුවෙමින් තිබුණි. තවමත් පැවතියේ සාමාන්‍ය සුපුරුදු නිෂ්පාදන විධියමය පවත්නා කොන්දේසි යටතේ පැවතිය හැකි වු එක විධිය එය විය. එසේ වුවත් එම තත්වය යටතේ පවා එයින් දරුණු සමාජ අයථාකම් ඇති කරන ලදී. ගෙයක් දොරක් නැති ජනයා මහා නගරවල ඉතාමත් අසතුටුදායක නිවාසවල එකට ගාල් කිරීමද සම්ප්‍රදායික සදාචාර බැදීම් පිතෘ මූලික කීකරුකම් හා පවුල් සම්බන්ධකම් සියල්ලම ලිහිල් කිරීමද ඉතාමත් භයංකර තරම් දුරකට අධික ලෙස වැඩ ගැනීම හා විශේෂයෙන්ම කාන්තාවන් හා ළමයින් එසේ වැඩෙහි යෙදීමද හදිසියේම සම්පූර්ණයෙන් අළුත් තත්වයන්ටත් ස්ථායි පැවතුමක තත්වයන්ගෙන් දිනෙන් දින වෙනස් වන සුරක්ෂිත නොවන පැවතුම් තත්වයන්ටත් ඇද දමන ලද කම්කරු පංතිය සම්පුර්ණයෙන්ම අධෛර්යයට පත් කිරීමද සිදු විය. මෙම අවස්ථාවේදී ප්‍රතිසංස්කාරකයෙක් වු අවුරුදු 29ක් වයසැති කර්මාන්ත කරුවෙක් ඉදිරියට වන්නේය. ඔහු අති උදාරයයි කිව හැකි හා ළදරුවෙකුගේ මෙන් අකලංක චරිතයක් ඇත්තෙකු සහ මිනිසුන් අතර උපන් දුර්ලභ ගණයේ නායකයෙකු ද විය. රොබට් ඕවන් ද්‍රව්‍යවාදී දාර්ශනිකයන්ගේ උගැන්වීම් එනම් ිනිසාගේ චරිතය එක් අතකින් පාර්පරික උරුමයන්ගේද අනිත් පුද්ගලයාගේ ජීවිත කාලය තුළ විශේෂයෙන්ම ඔහුගේ සංවර්ධන කාලය තුළ ඔහු කල් ගෙවන වටපිටාවෙහිද නිමැවුමක් ය යන උගැන්වීම ඔහුට සුදුසු පරිදි සකසා ගත්තේය. කාර්මික විප්ලව තුළින් ඔහුගේ පංතියේ බොහෝ දෙකේම දුටුවේ අවුල් සහ වියවුල්ද මෙම බොර දියේ මාළු අල්ලමින් ඉක්මණින් විශාල ලාභ උපයා ගැනීමේ අවස්ථාද පමණකි ඔහු එය තුළින් දුටුවේ ඔහුගේ සුරතල් න්‍යායය ක්‍රියාත්මක කිරීමේ සහ එමගින් අවුලෙන් ක්‍රමවත් බව ඇති කිරීමේ අවස්ථාවකි. ඔහු ඒ වන විටත් මෑන්වෙස්ටර් පැක්ටරියක මිනිසුන් පන්සියකට වැඩි පිරිසක පාලකයා වහයෙන් එය සාර්ථක ලෙස අත්හදා බලා තිබුණේය. 1800 පටන් 1829 දක්වා ඔහු ස්කොට්ලන්තයේ නිව් ලනාක්ි මා කපු මොලේ කළමණාකාර කොටස්කරු වශයෙන් එම පිළිවෙත අනුවම හෙත් ක්‍රියාකිරීමේ වැඩි නිදහසක් ඇතිව එහි කටයුතු මෙයෙවීම කළේය. එයින් ලැබු සාර්ථකත්වය නිසා ඔහු යුරෝපය පුරා ප්‍රසිද්ධියට පත්විය. මුලදී විවිධ කොටස්වලින් සමන්විත වු සහ බො‍ෝ කොටම ඉතාමත් අධෛර්යයට පත් පිරිසක් ක්‍රමාණුකූලව 2500 ක් දක්වා වැඩීගිය පිරිසක් ඔහු විසින් ආදර්ශමත් ජනපදයක් බවට පත් කරන ලදී. එහි බීමත්කම, පොලීසිය, මහේස්ත්‍රාත් වරු, නඩු, දුප්පතුන් සදහා නීති හා පුණ්‍යාධාර කිසි විටෙකත් නොදක්නා ලදී. මේ සියල්ලම කළ හැකි වුයේ මිනිසුන් මිනිසුනට සුදුසු තත්වයන් යටතට පත් කිරීමෙන් හා විශේෂයෙන්ම නැගී එන පරම්පරාව සුපරික්ෂාකාරී ලෙස දා වඩා ගැනීමෙනි. ළදරු පාසල්වල නිර්මාතෘවරයා වු ඔහු ප්‍රථම ළදරු පාසල නිව් ලනාක්හි ආරම්භ කළේය. වයස අවුරුදු දෙකේදී ළදරුවන් පාසලට ආහ. එහි ඔවුහු කොතරම් සතුටින් කල් ගත කළෝද යත් ඔවුන් නැවත ගෙදර යාමට පවා මැළි වූහ. ඔහුගේ තරග කරුව් ඔවුන්ගේ සේවකයන් ලවා දිනකට පැය දහතුනක් හෝ දාහතරක් වැඩ කරවු අතර නිව් ලනාක්ි වැඩ දිනය පැය දහය හමාරක් පමණක් විය. කපු අර්බුදයක් නිසා මාස හතරක් තිස්සේ වැඩ නතරවී තිබුණු විට ඔහුගේ කම්කරුවන්ට ඒ මුළු කාලයම සදහා සම්පූර්ණ වැටුප් ලැබිනි. මේ සියල්ලමත් කෙරුණු නමුත් ව්‍යාපාරයේ අගය දෙගුණයකට වඩා වැඩි විය. එමෙන්ම අන්තිම දක්වාම එහි අයිතිකරුවන්ට විශාල ලාභ ගෙන දුන්නේය.

මේ සියල්ලෙන්ම වුවද ඕවන් සැනසුනේ නැත. ඔහු කම්කරුවනට ලබා දුන් පැවැත්ම ඔහුගේ අදහසේ හැටියට මිනිසුනට තරම් වන මට්ටමට වඩා තවමත් බොහෝ පහළ එකකි. "ජනතාව මගේ කැමැත්තට යටත් වහළුන් වෙති" ඔහු ඔවුන් සාපේක්ෂ ලෙස වාසිදායක වු තත්වයනට පත් කළ නමුත් ඒවා ඔවුන්ගේ චරිතය හා බුද්ධිය සෑම අංශයකින්ම වර්ධනය වීමට තරම් කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ඔවුන්ගේ දක්ෂතාවයන් නිදහස් ලෙස ක්‍රියාත්ක කරවීම සදහා ඒවා එතරම්ම ප්‍රමාණවත් නොවීය. "එහෙත් 2500 ක් වු මෙම ජනගහණයෙන් වැඩ කරන කොටස දිනපතා සමාජය සදහා නිෂ්පාදනය කළ මූර්ත ධනය ශතවර්ෂ භාගයකට අඩු කලකට පෙර නිස්පාදනය කිරීමට 600 000 ක ජනගහණයකින් වැඩ කරන කොටස අවශ්‍ය වන තරම් ප්‍රමාණයක් විය. මිනිසුන් 2500 ක් 6 00 000 ක් විසින් කරන පාරිභෝජනයෙන් වෙනසට කුමක් සිදු වී දැයි මම මගෙන් අසා ගත්තෙමි." පිලිතුර පැහැදිලි එකක් විය. ආයතනයේ අයිති කරුවන්ට වුන් යෙදවු මුල් ධනයෙන් සියයට 5 ක් හා ඊට අමතරව රන් පවුම් 3 00 000 ක ශුද්ධ ලාභයක් ගෙවීමට ය උපයෝගි කරගෙන තිබුණි. එපමණක් නොව නිව් ලනාක් හා සම්බන්ධයෙන් සත්‍ය වු එය එංගලන්තයේ පැක්ටරි සියල්ලම සම්බන්ධයෙන් ඊටත් වඩා සත්‍ය විය.

"යන්ත්‍ර විසින් මෙම අළුත් ධනය නිෂ්පාදනය නොවිනි නම් නැපෝලියන්ට විරුද්ධව සහ සමාජයේ වංශාධිපති ප්‍රතිපත්තිවලට පක්ෂව කරන ලද යුරෝපයේ යුද්ධ පවත්වාගත නොහැකි වන්නට තිබුණි. එසේ වුවද මෙම නව බලය කම්කරු පංතියේ නිර්මාණයක් විය." ('සිතෙහි සහ ව්‍යවහාරයෙහි විප්ලවය' යන කෘතියෙන්. එය 'යුරෝපයේ සියලුම රතු සමුහාණ්ඩුවාදීන් කොමියුනිස්ට්වරුන් සහ සමාජවාදීන් සහ සමාජවාදීන්' අමතා ලියන ලද්දකි. එය 1848 ප්‍රංශ තාවකාලික ආණ්ඩුවටත් 'වික්ටෝරියා රැජිණට හා ඇගේ වගකිව යුතු උපදේශකයන්ටද යැවිනග)

එනිසා නව බලයේ ප්‍රතිඵල අයත් වුයේ ඔවුනටය මෙතෙක් පුද්ගලයන් ධනවත් කිරීම හා ජනතාවන් වහල් කිරීම සදහා උ‍පයෝගි කර ගන්නා ලද නව නිර්මාණයක යෝධ නිෂ්පාදනීය බලවේග ඕවන්ට නැවත සමාජය ගොඩ නැගීමේ අඩිතාලමක් ලබා දුන්නේය. සියලු දෙනාටම පාදු දේපළ වු ඒවා සියලු දෙනාගේම පොදු යහපත සදහා ක්‍රියාත්මක කිරීමට ඉරණම්ව තිබුණි.

ඕවන්ගේ කොමියුනිස්ට්වාදය පදනම්ව තිබුණේ පිරිසිදු ව්‍යාපාරික අඩිතාලමක් මතය නැතහොත් එය වාණිජ සංසරණයේ ප්‍රතිඵල මත පදනම් වීයයිද කිව හැක හැම විටම එය මෙම ප්‍රායෝගික ස්වභාවය රැකගත්තේය. ඒ අනුව අයර්ලන්තයේ ආපදා ආපදා සහන සැලසීම කොමියුනිස්ට් ජනපද මගින් කරන ලෙස ඔහු 1823 දී යෝජනා කළේය. එමෙන්ම ඒවා පිහිටුවීම සදහා යන වියදම් වාර්ෂික වියදම් හා ලැබීමට බලාපොරොත්තු විය ැකි ආදායම්ද පිළිබද සම්පුර්ණ ඇස්තමේන්තු පිළියෙල කළේය. අනාගතය සදහා ඕවන් සකස් කරන නිශ්චිත සැලැස්ම හා එහි නීත්‍යානුකූල විස්තරාත්මක කොටස්- බිම් සැලැස්ම, ඉදිරිපස පෙනුම, උඩින් පෙනෙන ආකාරය යන මේ සියල්ලම ඇතුලත් කර - ඉමහත් ප්‍රායෝගික දැනුමක් ඇතිව සකස් කෙරෙන නිසා, ඔහුගේ සමාජ ප්‍රතිසංස්කරණයේ විධික්‍රම පිළිගත හොත්, විස්තර කරුණු නියත ලෙස පෙළ ගස්වා තිබෙන ආකාරය ගැන, ප්‍රායෝගික දෘෂ්ටි කෝණය ගැන කළ හැකි විවේචන අල්පය.

කොමියුනිස්ට්වාදය දෙසට ඉදිරියට යාම ඕවන්ගේ ජීවිතයේ සන්ධිස්ථානය විය. ඔහු හුදෙක්ම ධනපතියෙක්ව සිටිතාක් කල් ඔහුට තෑගි කොට ලැබුණේ ධනය, ප්‍රශංසාව, ‍ෙගෟරවය හා කීර්තිය මය. ඔහු යුරෝපයේ ඉතාමත් ජනප්‍රිය පුද්ගලයා විය. ඔහුගේම පංතියේම අය පමණක් නොව, රාජපාළකයින් හා කුමාරවරු පවා ඔහුට අනුබලකාරී ලෙස ඇහුම්කන් දුන්හ. නමුත් ඔහු කොමියුනිස්ට් න්‍යායන් ඉදිරිපත් කිරීමට පටන්ගත් පසු සම්පූර්ණයෙන්ම වෙනස් විය. විශේෂයෙන්ම මහා භාධක තුනක් සමාජ ප්‍රතිසංස්කරණයේ මාර්ගය අවුරා සිටින බව ඔහුට පෙනී ගියේය. පෞද්ගලික ධනය, ආගම සහ වර්ථමාන විවාහ ක්‍රමය ඔහු දුටු භාධක විය. ඔහු මේවාට පහර දුන හොත් ඔහුට මුහුණ දෙන්නට සිදුවන්නේ කුමකටදැයි යන්නත්, ඒ නම්, නීති විරෝධී කිරීම, නිළ සමාජයෙන් පිටුවහල් කිරීම හා ඔහුගේ මුළු සමාජ තත්වයම නැතිව යන බවත් ඔහු දැන සිටියේය. එහෙත් ප්‍රථිපල ගැන නොබියව මේවාට පහර දීමෙන් ඔහු වැලැක් වීමට සමත් කිසිවක් නොවූයෙන් ඔහු කල්තබා දුටු දෙය සිදුවිය. නිළ සමාජයෙන් පිටුවහල් කරනු ලදුව පුවත් පත් ඔහුට විරැද්ධව ක්‍රියාත්මක කළ නිහැඩියා කුමණ්ත්‍රණයක් පවතිද්දී, ඔහුගේ මුළු ධනයම කැප කරමින් ඇමරිකාවේ ගෙන ගිය අසාර්ථක කොමියුනිස්ට්වාදීන් අත්හදා බැලීම නිසා විනාශයට පත්වූ ඔහු කෙළින්ම කමිකරු පංතිය වෙත හැරී තිස් අවුරැද්දක් තිස්සේ දිගටම ඔවුන් අතර වැඩ කළේය. කම්කරුවන් වෙනුවෙන් ගෙන යන ලද සෑම සමාජ ව්‍යාපාරයක්ම තබන සෑම සැබෑ ඉදිරි පියවරක්ම, රොබට් ඕවන්ගේ නම සමග සම්බන්ධ වන්නේය. පස් අවුරුද්දක සටනකින් පසු ඔහු 1819 දී භාධක බිදගෙන ඉදිරියට යමින් පැක්ටරි වල වැඩකරන කාන්තාවන් ගේ හා ළමයින්ගේ වැඩ පැය ගණන සීමා කරන ප්‍රථම නීතිය 47 සම්මත කැවා ගත්තේය. එංගලන්තයේ වෘත්තීය සමාතා සියල්ලම එකම වෘතිය සංගමයකට 48 එක්සත් කළ ප්‍රථම සම්මේලනයේ සභාපති වූයේ ඔහුය. සමාජය කොමියුනිස්ට්වාදී ලෙස සම්පූර්ණයෙන්ම සංවිධානය කිරීම සදහා පරිවර්තණීය පියවරයන් වශයෙන්, ඔහු එක් අතකින් සුළු වෙළදාම සහ නිශ්පාධනය සදහා සමූපකාර සමිති ඇති කළේය. එවක් පටන් මෙම සමිති විසින්, වෙළෙන්දා සහ කර්මාන්ත කරුවා සමාජමය වශයෙන් කිසිසෙිත්ම අවශ්‍ය නොවන්නේය යන්න ප්‍රායෝගික වශයෙන් ඔප්පු කිරීම හෝ යටත් පාරාසෙයින් සිදුවී තිබේ. අනිත් අතින් කම්කරුවන්ගේ නිශ්පාධිතයන් හුවමාරු කිරීම සදහා ඔහු කම්කරු කඩමණ්ඩි ඇති කොට ඒවායේ ගනු දෙනු එක වැඩ පැයක් ඒඛකය වශයෙන් ගත් ශ්‍රම නෝට්ටු මගින් සිදු කෙරිනි.49 අවශ්‍යයෙන්ම අසාර්ථක වීමට ඉරනම්ව තිබුණු නමුදු, එම ආයතන, ප්රුදෝන් ඊට බොහෝ කලකට පසු ඇතිකළ විනිමය බැංකුව 50 ගැන හොද අනාගත දැක්මක් ඇති, එහෙත්, එය මෙන් සියළු දොස් සුව කරන පිළුයමක් වන පවට අයිති වාසිකම් නොකී සමාජය වඩාත් අංග සම්පූර්ණ විප්ලවයකට බදුන් කිරීම සදහා ගන්නාවූ ප්‍රථම පියවරක් වශයෙන් හදුන්වනු ලබන ඒවා විය.

මනෝ රාජික චින්තන ක්‍රමය දීර්ඝ කාලයක් තිස්සේ දහනව වැනි ශත වර්ෂයේ සමාජවාදී අදහස් ආණ්ඩු කළේය. ඉන් සමහරක් තවමත් ආණ්ඩු කරන්නේය. ඉතා මෑතක් වන තුරු ප්‍රංශ සහ ඉංග්‍රීසි සමාජවාදීහු එයට පුදසත්කාර කලහ. වයිට්ලින් ඇතුළු මුල් අවදියේ ජර්මන් කොමියුනිස්ට්වාදයද එම ගුරුකුලයටම අයත් විය. මේ සියළු දෙනාම සමාජවාදය පරම සත්‍යය තර්ක බුද්ධිය සහ යුක්තිය වශයෙන් දුටහ. එය සොයාගත හොත්, එපමණින්ම, එහි ස්වයං බලයෙන්ම මුළු ලොවම ජයගත හැකියයි ඔවුහු සිතූහ. තවද පරම සත්‍ය කාලයෙන්, අවකාශයෙන් හා මිනිසාගේ ඓතිහාසිය සංවර්ධනයෙන් නිදහස්ව ස්වාධීනව පවතින නිසා එය සොයාගනු ලබන්නේ කවදාද කොතැනක දීද යන්න හුදෙක්ම අහඹුව විසින් තීරණය වන දෙයකි එය සියල්ලම එසේ වුවත්, එක් එක්, විවිධ ගුරු කුලයෙහි ආදි කතෘ වරයෝ පරම සත්‍ය, විචාර බුද්ධිය හා යුක්තිය එකිනෙකාට වෙනස් ආකාරයට විස්තර කරති. එපමණක් නොව එක් එක් අයගේ පරම සත්‍ය තර්ක බුද්ධිය හා යුක්තිය, නැවතත් ඔහුගේම මනෝමූල අවබෝධයත්, පැවැත්මේ කොන්දේසිත් දැණුම ප්‍රමාණය සහ බුද්ධිමය පුහුණුවත් අනුව සකස්වී තිබෙන නිසා, මෙම පරම සත්‍යයේ ගැටුම එකකින් අනික අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතික්ෂේප වීමෙන් හැර වෙනත් ආකාරයකින් කෙලවර විය නොහේ. එනිසා මෙයින් මතු විය හැක්කේ සාර සංග්‍රහවාදී වර්ඝයක සමාජවාදයක් මිස අන් කිසිවක් නොවේ. ඇත්තවශයෙන්ම මේ දක්වා ප්‍රංශයේ සහ එංගලන්තයේ සමාරවාදී කම්කරුවන් බොහොමයකගේ සිත් තුල රජ කළේ ඒ නිසයි. එබැවින්, එය ඉතාමත් විවිධාකාර මතිමතාන්තර වලට ඉඩ දෙන මැල්ළුමකි, විවිධ නිකායන්ගේ කතෘවරු ඉදිරිපත් කරන, අවම ප්‍රතිරෝධනයක් අවුස්සන සුළු, එවැන් විවේචනාත්මක ප්‍රකාශන ආර්ථික න්‍යාය, අනාගත සමාජයේ පිංතූර, සහිතවූ පඹගාලකි. දොල පහරේ වටකුරු ගල් කැට මෙන් විවාද නදියේදී එයට සහභාගිවන එක් එක් පුද්ගලයන්ගේ මත පිළුබද අහු කොන් අඩුවනසේ සෝදාහැරිය හැකි වන තරමටම සකස්කර ගැනිම පහසුවන සකල මනාවකි. සමාජවාදය විද්‍යාවක් ලෙස සකස්කර ගැනීම සදහා එය ප්‍රථමයෙන්ම නියම පදනමක් මත පිහිටුවීම අවශ්‍යවිය.

 

සටහන්

[37] මෙහි සදහන් වන්නේ ජර්මනියේ 1878 ඔක්තෝම්බර් 21 වැනි දින නිකුත් කරන ලද සමාජවාදීන්ට විරුද්ධ අති විශේෂ නීතිය පිළිබදවය. කම්කරු ව්‍යාපාරයේ බලපෑම යටතේ 1890 ඔක්තෝම්බර් පළවැනි දින එම නීතිය ඉවත් කරන ලදී.

[38] රූසෝගේ න්‍යාය අනුව මුළින්ම මිනිසන් ස්වභාවික රාජ්‍යයක ජීවත්වූ අතර සියල්ලෝම සමාන වූහ. පෞද්ගලික ධනය ඇතිවීම සහ අසමානාත්මතාවය වර්ධනය වීම සමග ජනතාව ස්වභාවික රාජ්‍යයක සිට සමාජ ගිවිසුම් පදනම් කරගත් ප්‍රජා රාජ්‍යයකට සංක්‍රමණය වූහ. අනතුරුව දේශපාලන අසමානතාවය සංවර්ධනය වී සමාජ ගිවිසුම උල්ලංගණය කරන ලදුව අත්තනෝමතික පාලනය ඇති අළුත් රජයක් පෙරට ආවේය. නව සමාජ ගිවිසුමක් පදනම් කරගත් සාදාරණ රාජ්‍යයක් පිහිටුවා ගතහොත් මෙය නිවැරදි කළ හැකිය.

[39] ඇනා බැප්ටිස්ට්වරු (නැවත බෞතිස්ම කරන්නෝ) 16 වැනි ශතවර්ෂයේ දී ජර්මනියේ සහ ස්විස්ටර් ලන්තයේ ඇතිවූ ආගමික නිකායක සාමාජිකයෝ 1524-25 ගොවි යුද්ධයේදී, බොහෝ කොටම ගොවීන්ගෙන්, ශිල්පීන්ගෙන් හා කුඩා කාර්මිකයන්ගෙන් සමන්විත වූ ඇනා බැප්ටිස්ට්වරු, තෝමස් මුන්සර් විසින් මෙහෙයවන ලද ව්‍යාපාරයේ ඉතාමත් විප්ලවවාදී අංශ‍යට සම්බන්ධව සිටියහ.

[40] එංගල්ස් සදහන් කරන්නේ 17 වැනි ශතවර්ෂයේ ඉංග්‍රීසි ධනපති විප්ලවයේ අන්ත වාමාංශය නියෝජනය කළ සහ නගරයේ සහ ගම්බද දුප්පත් කොටස් වල අවශ්‍යතාවයන් ප්‍රකාශ කළ "ට්රෑලෙවලර්ස්" නැතහොත් "ඩිගර්ස්" ගැනය. ඉඩම් පිළිබද පෞද්ගලීක දේපල අහෝසි කරන ලෙස ඉල්ලූ සහ පෞරාණික සමාණකාරී කොමියුනිස්ට් වාදය පිළිබද අදහස් දේශනා කළ ඔවුහු පොදු ඉඩම් වල පොදුවේ සී සෑමෙන් ඒවා ව්‍යවහාරික වශයෙන් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළහ.

[41] එංගල්ස් මෙහි සදහන් කරන්නේ මනෝරාජි කොමියුනිස්ට් වාදී ලේඛකයන්ගේ කෘති ගැනය - තොමස් මෝර්ගේ “උතෝපිය” (1516 දී පළකරන ලදී.) යන කෘති ගැනය.

[42] ත්‍රස්තයේ රජය - ජැකෝබින් වරැන්ගේ විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයේ කාලයකි. (ජුනි 1793 -ජූලි 1794) එම කාලය තුළ ජිරෝන්ඩවාදීන්ගේ සහ රාජපාක්ෂිකයන්ගේ ප්‍රති විප්ලව වාදී ත්‍රස්තයට විරුද්ධව ඔවුහු ප්‍රති ප්‍රහාර දුන්නහ.

අධ්‍යක්ෂ මණ්ඩලය නැතහොත් අධ්‍යක්ෂවරු -අධ්‍යක්ෂවරැ පස් දෙනෙකුගෙන් යුත් සභාවකි. ඉන් එක් අය බැගින් වාර්ෂිකව පත්කරන ලදී. ජැකෝබින්වරුන් ක්‍රියාත්මක කළ විප්ලවවාදී ආඥාදායකත්වය 1794 දී බිද වැටීමෙන් පසු අනුමත කරන ලද 1795 ව්‍යවස්ථාව යටතේ ප්‍රංශයේ විධායක බලය එයට පැවරී තිබුණි. 1799 වර්ෂයේ බොනපාට්වාදී කුමන්ත්‍රණය තෙක් පැවති එය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට විරුද්ධව ත්‍රස්තයේ රජයට ආධාර දුන් අතර ලොකු ධනපතියන්ගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කළේය.

[43] මෙහි සදහන් කෙරෙන්නේ 18 වැනි ශතවර්ෂය අගදී ඇති වුණු ප්‍රංශ ධනපති විප්ලවයේ සටන්පාඨ වූ “නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය” ගැනය.

[44] නිව්ලනාක් (New Lanark) 1784 දී ගොඩනගන ලද ලනාර්ක් නැමති ස්කෝට් නගරය අසල කපු මෝලක සහ ගමක්

[45] ප්‍රංශ විරෝධී හය වැනි සභාගයේ (රුසියාව, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්රුසියාව සහ වෙනත් රාජ්‍යයන්) සමාජිකයන්ගේ මිත්‍ර හමුදා 1814 මාර්තු 31 දින පැරීසියට ඇතුල් වූහ. නැපෝලියන්ගේ අධිරාජ්‍ය බිදවැටුනේය. නැපෝලියන් සියසුන හැරදමා ගිය අතර ඔහු එල්බා දිවයිනට පිටුවහල් කරන ලදී. බුර්බෝන් රාජාණ්ඩුව ප්‍රථම වතාවට පුනරුත්තාපනය වනු ප්‍රංශය දිටීය.

සිය දවසේ යුද්ධය - නැපෝලියන්ගේ අධිරාජ්‍යයේ කෙටි පුනරුත්තාපන කාලයයි. ඔහු පිටුවහල් කර සිටි එල්බා දිවයිනේ සිට ආපසු ප්‍රංශයට පැමිණි 1815 මාර්තු 20 දින පටන් ඔහු වෝටර්ලූ සංග්‍රාමයෙන් පරාජ‍ය වීමෙන් පසු දෙවැනි වරට සිහසුන අත්හල එම වර්ෂයේම ජුනි 22 දක්වා කාලයයි.

[46] වෙලින්ටන් විසින් මෙහෙයවන ලද ඒකාබද්ධ ඉංග්‍රීසි ලන්දේසි හමුදා සහ බ්ලුහර් විසින් මෙහෙයවන ලද ප්රැසියන් හමුදා 1815 ජුනි 18 දින වොටර්ලූ (බෙල්ජියම) හිදී නැපෝලියන්ගේ හමුදා පැරදවූහ. 1815 යුද්ධ ප්‍රහාරයේ තීරණාත්මක කාර්ය කොටසක් ඉටුකළ මෙම සංග්‍රාමය නිසා 07 වැනි ප්‍රංශ විරෝධී සංග්‍රාමයේ (එංගලන්තය, රැසියාව, ඔස්ට්‍රියාව, ප්රුසියාව, ස්වීඩනය, ස්පාඤ්ඤය සහ වෙනත් රාජ්‍යයන්) කෙළවර ජයග්‍රහණය සහ නැපෝලියන්ගේ අධිරාජ්‍ය බිදවැටීම කල් තබාම ස්ථීර විය.

[47] 1815 ජනවාරි මාසයේදී ග්ලාස්ගෝහිදී ප්‍රසිද්ධ රැස්වීමක් ඇමතූ ඕවන් මෝල්වල වැඩකරන ළමයින්ගේ හා වැඩිහිටි කම්කරුවන්ගේ තත්වය වැඩිදියුණු කිරීමට පියවර ගණනාවක් යෝජනා කළේය. ඔහුගේ ක්‍රියාරම්භකත්වය අනුව 1815 ජුනි මාසයේදී පණතක් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලද නමුත්, 1819 ජූලි මස වන තෙක් එය සම්මත නොකිරිණ. එම අවස්ථාවේදීද එය නීතියක් වහයෙන් සම්මත කෙරුනේ අඩුලුහුඩු කළ ආකාරයෙනි. කපු මෝල්වල ශ්‍රම කටයුත හැරවීම සදහා සම්මත කළ නීතිය අනුව අවුරුදු 09 ට අඩු ළමයින් සේවයෙහි යෙදවීම තහනම් විය. අවුරුදු 18 ට අඩු අයගේ වැඩ දිනය පැය 12 ට සීමා විය. උදය සහ සවස ආහාරය සදහා පැයක හා පැය බාගයක විවේක කාල දෙකක් ඇති කෙ‍රින.

[48] මහාබ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ මහා ජාතික ඒකාබද්ධ වෘත්තීය සංගමය විධිමත් ලෙස පිහිටුවන ලද්දේ 1833 ඔක්තෝම්බරයේදී ලන්ඩන්හි පවත්වන ලද සම්පකාර සමිති සහ වෘත්තීය සමිතිවල සම්මේලනයකදීය. එම සම්මේලනයේ සභාපතිත්වය දැරුවේ ඕවන්ය. මෙම සංගමයේ ව්‍යවස්ථා 1834 පෙබරවාරියේදී අනුමත කරන ලදී.ඕවන්ගේ යෝජනා ක්‍රමය අනුව නිෂ්පාදනයේ කළමණාකාරීත්වය සංගමයට බාරගෙන සාමකාමී මාර්ගයෙන් ප්‍රජාවෙහි සම්පූර්ණ පරිවර්ථනය කිරීමට අපේක්ෂා කරන ලදී. මෙම මනෝරාජික සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාථක විය. එමෙන්ම ධනපති සමාජයේ සහ රාජ්‍යයේ බලවත් ප්‍රතිරෝධනය හමුවේ 1834 අගෝස්තු මස සංගමය බිදී ගියේය.

[49] මෙහි සදහන් වන්නේ එංගලන්තයේ නගර කිපයක් තුළ කම්කරු සමූපකාර සමිති විසින් ආරම්භ කරන ලද සාධාරණ ශ්‍රම හුවමාරු කඩමණ්ඩි (Epuitab Lelabour Exchange Bazaars) ගැනය. එවැනි ප්‍රථම කඩමන්ඩිය රොබට් ඕවන් විසින් 1832 සැත්තැම්බරයේදී ලන්ඩනයේදී ඇති කරන ලදී. එය 1834 වර්ෂයේ මැදක් වන තුරු පැවතියේය.

[50] 1848-1849 විප්ලව සමයේදී ප්රැදොන් විනිමය බැංකු සංවිධානය කිරීමට උත්සාහ කළේය. ඔහුගේ Banque du Peuple (මහජන බැංකුව) 1849 ජනවාරි 31 දින පැරීසියේදී පිහිටුවන ලදී. එය මාස දෙකක් පමණ පැවතියේය. එයද කඩදාසියට සීමාවූ පැවැත්මක් විය. එය නිතිපතා කටයුතු කිරීමට ඇරඹීමට පෙර අසාර්ථක වූයෙන් අප්‍රෙල් මස ආරම්භයේදී වසා දමන ලදී.