ෆෙඩ්රික් එංගල්ස්

සාමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට


දෙවන කොටස

ඒ අතරතුර දහඅටවැනි ශතවර්ෂයේ ප්‍රංශ දර්ශනවාදය සමග හා ඉන් පසුව නව ජර්මන් දර්ශනවාදය මතු වී විත් හේගල් මගින් උච්ඡාස්ථානයට පත් විය. එහි උසස්තම යහ ගුණය වුයේ තර්කණයේ උසස්ම ආකෘතිය වශයෙන් නැවතත් දයලෙක්තික ක්‍රමය පිළිගැනීමය. පැරණි ග්‍රීක දර්ශනවාදීහු සියලු දෙනාම උපන් හපන්කම් ඇති ස්වාභාවික දයලෙක්තිකවාදීහු සියලුදෙනාම උපන් හපන්කම් ඇති ස්වභාවික දයලෙක්තික වාදීන් වූහ. ඔවුන් අතරින් ඉතාමත් සර්වප්‍රාඥ බුද්ධිමතා වූ ඇරිස්ටෝටල් එකල්හිම දයලෙක්තික චින්තනයේ ප්‍රධාන ක්‍රම ගැන විෂ්ලේෂණයක් කර තිබුනේය. අනිත් අතට වඩාත් මෑත දර්ශන වාදය තුලද, දයලෙක්තික ක්‍රමය උපයෝගි කරගත් ඉතා දීප්තිමත් දාර්ශනිකයන් (නිදර්ශන වශයෙන් දෙකාර්ට් සහ ඉස්ටිනෝසා) සිටියත්, විශේෂයෙන්ම එය කෙරෙහි ඇතිවූ ඉංග්‍රීසි බලපෑම නිසා එය වඩාත් අනම්‍යශීලී ලෙස ඊනියා අධ්‍යාත්මවාදී තර්කණ ක්‍රමයෙහි ඇලුනේය. දහඅට වැනි ශත වර්ෂයේ ප්‍රංශුවන් සම්පූර්ණයෙන්ම පාහේ, නැතහොත්, කෙසේ වුවත්, ඔහුන්ගේ විශේෂ දර්ශනවාදී කෘති කිරීමේදී වත් අධ්‍යාත්මවාදී ආදිපත්‍යයට හසුව සිටියහ. එසේ වුවද ප්‍රංශුවෝ දර්ශනවාදයෙන් පිටස්තරව වඩාත් සීමිත අර්ථයෙන් දයලෙක්තික ක්‍රමයෙන් විසාරද කෘතීන් බිහිකළහ. මේ බව ඔප්පු කිරීමට දික්රෝගේ "රාමෝගේ බෑනා" සහ රූසෝගේ "මිනිසුන් අතර අසමාන තාවයේ ප්‍රභවය පිළිබද විමර්ශනය" ගැන මතක්කිරීමම ප්‍රමානවත්ය. අපි මෙම චින්තන ක්‍රම දෙකෙහි ප්‍රධාන ස්වභාව ලක්ෂණ මෙහි දක්ව්නෙමු.

අප ස්භාව ධර්මය ගැන, මිනිස් වර්ගයාගේ ඉතිහාසය ගැන, නැතහොත් අපගේම බුද්ධිමය ක්‍රියාකාරිත්වය ගැන සලකන හෝ පරාවර්ථනය කරන කල, අපට ප්‍රථමයෙන් දක්නට ලැබෙන්නේ කට පැටළුනු සම්බන්ධතාවයන් හා ප්‍රතිචාරයන්ද, සංස්කරණයන් හා සංයෝජනයන්ද පිළිබද සීමානික්‍රාන්ත පින්තූරයයි. එය තුල තිබුනු දෙය වශයෙන් හෝ පවතින්නේ නැත. සියල්ලම චලනය වෙයි, වෙනස් වෙයි, ඇති වෙයි, නැතිව යයි. එනිසා අපට ප්‍රථමයෙන් පෙනෙන්නේ පින්තූරය සමස්තයක් වශයෙනි එහි එක් එක් කොටස් තවමත් ඇත්තේ අඩු වැඩු වශයෙන් පසුබිමෙහිය. අපගේ නිරීක්ෂණයට හසුවන්නේ චලනයන්, පරිවරිථනයන් හා සම්බන්ධකම්ය, නැතහොත්, චලනය වන සංයෝජනය වන හා සම්බන්ධවූ ද්‍රව්‍යයන්ය. ලෝකය පිළිබදවූ මෙම ප්‍රාථමික, සරල එහෙත්, නෛසර්ගික ලෙස නිරවද්‍ය සංකල්පය පෞරාණික ග්‍රීක දර්ශනයට අයත් අතර එය ප්‍රථමයෙන්ම පැහැදිළි ලෙස ඉදිරිපත් කරන ලද්දේ හෙරක්ලිටස් විසිනි. සියල්ලක්ම සරල නිසාද, නිරන්තරවම වෙනස්ව නිසාද, නිරන්තරවම ඇතිවන හා නැතිවන නිසාද සියල්ලක්ම ඇත්තේය, එහෙත් නැත්තේය. නමුත් සමස්ථයක් වශයෙන් ද්‍රශ්‍යමානතාවය විසින් ගෙනදෙනු ලබන පින්තූරයේ සාමාන්‍ය ස්වභාව ලක්ෂණ මෙ සංකල්පයෙන් නිවැරදි ලෙස ප්‍රකාශ වෙතත් මෙම පින්තූරය සකස්වීමට සාධකවූ සවිස්තර කොටස් ගැන පැහැදිළි කිරී සදහා එය ප්‍රමානවත් නොවේ. අප ඒවා ගැන වටහා නොගන්නාතාක් කල් අපට සමස්ථ පිංතූරය ගැන පැහැදිළි අදහසක් නොමැත. මෙම විස්තර කොටස් ගැන අවභෝධකරගනු වස් අපි ඒවා එහි ස්වභාවික නැතහොත් ඓතිහාසික සම්බන්ධකම් කෙරෙන් ඉවතට ගෙන ඒවා එක එකක් ගැන වෙන වෙනම එහි ස්භාවය විශේෂ හේතු සාධක හා එහි ප්‍රතිපල ආදිය ගැන පරීක්ෂා කල යුතුය. මෙය මූලික වශයෙන්ම ස්වභාවික විද්‍යාවට හා ඓතිහාසිය පර්යේෂණයට භාරකර්ථව්‍යයන්ය. එම විද්‍යාවන්ට ක්‍රියාත්මක වීම පිණිස ප්‍රථමයෙන්ම කරුනු රුස් කරගතවූ නිසා ඉතාමත් සාධාරණ හේතු අනුව පැරණි ග්‍රීකයන් ඒවා අප්‍රධාන තත්වයට දැමූහ. කිසියම් හෝ ආකාරයක විවේචනාත්මක විශ්ලේෂණයක් සංසන්ධනයක් සහ පංති වර්ග හා ජාති අනුව පිළිවෙලකට තැබීමක් කිරීමට පෙර සෑහෙන තරම් ස්වභාවික සහ ඓතිහාසික කරුණු රුස්කර ගතයුතුවේ. එනිසා නිශ්චිත ස්වභාවික විද්‍යාවන්ගේ අඩිතාලම් සකස් කිරිම ප්‍රථමයෙන්ම අලෙක් සන්ද්‍රියානු කාලයේ 51 ග්‍රීකයන් විසින්ද පසුව මධ්‍යකාලීන යුගයේදී අරාබි වරුන් විසින්ද කරන ලදී. සැබෑ ස්වභාවික විද්‍යාව පහලොස් වැනි ශත වර්ෂයේ දෙවන භාගයේ සිට පැවත එන්නෙකි. එතැන් පටන් එය වර්ධණය වන වේගයකින් ඉදිරියට ගියේය. පසුගිය අවුරුදු 400 ඇතුලත ස්භාව ධර්මය පිළිබද වූ අපේ දැණුම නැගූ යෝධ පියවරයන්ට සාධකවූ මූලික කොන්දේශි නම්, ස්වභාව ධර්මය එහි විවිධ කොටස් පැහැදිළි වන සේ විශ්ලේෂණය කිරීම, විවිධ ස්වභාවික ක්‍රියාධාමයන් සහ වස්තු විවිධ නිශ්චිත පංති වලට ඇතුලත් වන සේ ඒවා කණ්ඩායම් ගත කිරීම අනේකවිධ ජීවේන්ද්‍රිය සහිත දේහයන්ගේ ආකෘති ගනිමින් ඒවායේ අභ්‍යන්තර ව්‍යුහය අධ්‍යනය කිරීම යන මේවාය.නමුත් මෙම ක්‍රමයෙන් වැඩ කිරීම නිසා ස්භාවික වස්තූන් හා ක්‍රියාදාමයන් ඒවායේ අති මහත් සමස්තයෙන් වෙන් කොට ගෙන ඒවා තනි කර නිරීක්ෂණය කිරීමෙත් ඒවා චලිත වෙමින් පවතින ස්භාවයෙන් නොව තැන්පත් ස්භාවයෙන්ද ප්‍රධාන වශයෙන් විචල්‍යයන් ලෙසට නොව තැන්පත් ස්භාවයෙන්ද ප්‍රධාන වශයෙන් නොව මළ ස්භාවයෙන්ද ගෙන නිරීක්ෂණය කිරීමෙත් පුරුද්ද නැමති උරුමය අපට ඉතිරිවී තිබේ. ද්‍රව්‍ය දෙස බැලීමේ මෙ ක්‍රමය බේකන් ස ලොක් විසින් ස්භාවික විද්‍යාවෙන් දර්ශනවාදයට මාරු කරන ලද කල්හි පසුගිය ශතවර්ෂයන්ට විශේෂ චින්තනයක් වු අධ්‍යාත්වාදී චින්තක ක්‍රමය යින් ඇතිවිය.

අධ්‍යාත්මවාදියා ද්‍රව්‍යයන් හා ඒවායේ මානසික ප්‍රතිකයන් එනම් දෙස් වටහා ගන්නේ තනිවු එකකින් පසුව අනික ගැනත් එකකින් වෙන් කොට ගෙන අනික ගැනත් සැලකිය යුතු දේ ලෙසටය පරීක්ෂණයට භාජනය කළ යුතු ස්ථීර අනම්‍ය හා සැමදා එක සේ වෙතින වස්තු හැටියටය. ඔහු‍ේ චින්තනය කිසිසේත්ම නොගැලපිය ැකි ප්‍රතිප්‍රත්‍යයකි. ඔහුගේ පනිවුඩය “ඔව් නැත, නැත” යනුයි මෙය ඉක්මවා යන යක් වෙතොත් එය යක්ෂයා නිසා සිදු වන්නකි. ඔුට වැටහෙන ලෙසට යම් ද්‍රව්‍යයක් එක්කෝ පවතී. එසේ නැතහොත් නොපවතී. කිසියම් දෙයක් එක්වරම එයත් තවත් දෙයකුත් විය නොහැකිය. ධන හා සෘණ එකකින් අනික සම්පූර්ණයෙන්ම බැහැර කෙරේ. හේතුව හා ඵලය අනම්‍යශීලි ලෙස එකිනෙකට ප්‍රතිප්‍රත්‍යව පිහිටා ඇත. මෙම චින්තන ක්‍රමය ඒ ඊනියා ශක්තිමත් සාමන්‍ය බුද්ධියේ ක්‍රමයක් වන හෙයින් එය බැබළෙන්නක් ලෙස අපට බැලු බැල්මට පෙනේ. සාමාන්‍ය බුද්ධි නැමති තැනැත්තේ ඔහුගේ බිත්ති හතරෙන් වටවු ඔහුගේම ගෘහමය රාජධානිය තුළ ගෞරවාදරයට පත්‍රවන නමුත් එයින් පිටව අති මත් පර්යේෂණ ලෝකයට බට ඔහුට එක එල්ලේම පුදුමාකාර අළුත් සොයාගැනීම්වලට මුහුණ දෙන්නට සිදු වන්නේය. තවද පරීක්ෂණයට බදුන් කෙරෙන විශේෂ වස්තුවෙි ස්භාවය අනුව විශාලත්වය වෙනත් වන ක්ෂේත්‍රයන් ගණනකදී අධ්‍යාත්මවාදී චින්තන ක්‍රමය සාධාරණ හා අවශ්‍ය වන නමුත් අප්‍රමාදවහෝ ප්‍රමාදව එය සීමාවකට එළඹෙන අතර ඉන් ඔබ්බෙහිදී එය පාක්ෂික සීමාවුණු වියුක්ත හා ජයගත නොහැකි ප්‍රතිරෝධතාවයන් අතර මං මුළා වුණු තත්වයකට පත්වේ. එක් එක් ද්‍රව්‍යන් ගන මෙනෙහි කිරීමේදී පැවැත්මේ ආරම්භය හා අවසානය ගැනද, ඒවායේ තැන්පත්කම ගැන මෙනෙහි කිරීමේදී ඒවායේ චලනය ගැනද අමතක කරයි. ගස් නිසා එයට කැළය නො‍ෙපනේ. සාමාන්‍ය ව්‍යවහාරයේ අවශ්‍යතාවයයන්හිදී නිදර්ශනයක් වශයෙන්, සතකු මැරී සිටීද නැද්ද යන්න අපි දන්නෙමු. එය අපට කිව හැකිය. නමුත් මේ ගැන වඩාත් සමීප ලෙස පිරික්සා බැලීමේදී, බොහොවිට මෙය ඉතා සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්වේ. නීතිවේදීහු මේ බව හොදින් දනිති. මව් කුස තුළ දරුවක් මරා දැමීම මිනී මැරුමක් වන්නේ කුමණ සීමාව ඉක්ම වුවහොත් දැයි නිගමනය කිරීම පිණිස සාධාරණ සීමාවක් සොයා ගැනීමට ඔවුහු ඔවුන්ගේ මොළවලට වද දුන්හ. මරණ අවස්ථාව නීර්ණය කිරීම ද එසේම දුෂ්කර දෙයකි. මක්නිසාදයත්, මරණය එක මොහොතකින් සිදුවන දෙයක්, නැතහොත් ක්ෂණික ප්‍රපංචයක් නොවන බවත්, ඉතා දීර්ඝ සිදවීම් මාලාවක් බවත්, කායික විද්‍යාව ඔප්පු කරන බැවිනි. මෙසේම, ජීවේන්ද්‍රිය සහිත සෑම සත්තාවක්ම සෑම මෙහොතකම එයම වන්නේද, නොවන්නේ ද වේ. සෑම මොහොතක් පාසාම එය පිටතින් එය පිටතින් සැපයෙන ද්‍රව්‍ය සවිකර ගනියි. ඒ අතරම වෙනත් ද්‍රව්‍ය ඉවතලයි. සෑම මෙ‍ාහොතකම එහි දේහයේ සමහර සෛල අභාවයට යයි. තවත් ඒවා අළුතින් සෑදෙයි. දීර්ඝ කෙටි කාලයකදී එහි දේහයේ ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අළුත්වෙයි. එනිසා සෑම ජීවේන්ද්‍රිය සහිත සත්තාවක් නිතරම එයම වන්නේය. එහෙත්, එයට වඩා වෙනස් දෙයන් වන්නේය. තවද, ප්‍රතිප්‍රත්‍යයක ද්‍රැව දෙක, එහි ධන හා සෘණ, එකිනෙකට ප්‍රතිවිරැද්ධ වන සේම ඒවා එකිනෙකෙන් වෙන්කළ නොහැකි බවද, ඒවායේ සියළුම ප්‍රතිපාක්ෂිකතාවයන් පවතිද්දීම ඒවා අන්නොන්‍ය වශයෙන් කාවැදී තිබෙන බවද, එය වඩාත් සමීප පරීක්ෂණයකට භ‍ාජනය කළ විටෙක අපට පෙනේ. එසේම හේතුව හා ඵලය ගැන සංකල්පයන් වලංගු වන්නේ එක් එක් තනි අවස්ථාවන් වලට ගලපාගත් කළ පමණක් වන බව ද අපට පෙනේ. නමුත් අපි තනි අවස්ථා ගෙන, සමස්තයක් වශයෙන් විශ්වය සමග ඒවා සම්බන්ධ වී ඇති පරිද්දෙන් ඒවා ගැන සලකා බවන කළ, ්වා එකිනෙක තුළට කාවැදී තිබෙන බව ද, විශ්වීය ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව තුළ හේතුව සහ ඵලය සදාකාලිකවම තැන් මාරැ කරගන්නා බවත්, එනිසා මෙහිදී ඵලය අන් තැනකදී හේතුව වන බව හා නැවතත්, එහි අනික් පැත්ත සිදුවන බවත්, ඒවා ගැන මෙනෙහි කිරීමේදී අපට පෙනෙන නිසා, එම අවස්ථා අවුල්වී යන බව ද අපට පෙනේ.

මෙම ක්‍රියාදාම හා චින්තන ක්‍රම කිසිවක් අධ්‍යාත්මවාදී තර්කණයේ රාමු කට්ටුවට ඇතුළත් නොවේ. අනිත් අතට, දයාලෙක්තික ක්‍රමය, ද්‍රව්‍යයන් හා ඒවායේ නියෝජනයන් වන අදහස්, ඒවායේ ප්‍රධාන සම්බන්ධය, අනුසන්ධානය, චලනය, සම්භවය හා අභාවයඅනුව ඒවාගැන වටහා ගනියි. එනිසා, ඉහත සදහන් කළ වැනි ක්‍රියාදාමයන්ම එහි කාර්ය පිළිවෙලම සනාථ කරණ සාධක ගණනාවකි. දයාලෙක්තික ක්‍රමය නිවැරදි බව ඔප්පු කරන සාක්ෂිය ස්වභාව ධර්මයයි. එමෙන්ම නවීන විද්‍යාවද මෙය ඔප්පු කිීමට උපකාර වෙමින් දිනෙන් දිනම වැඩිවන ඉතා සාරවත් කරුණු රැසක් සපයමින්, ඒ අනුව ස්වභාව ධර්මය අවසාන වශයෙන් කටයුතු කරන්නේ දයාලෙක්තික ක්‍රමයට මිස, අධ්‍යාත්මවාදය අනුව නොවන බවත්, ඇය නිත්‍ය වශයෙන් පුණරාවර්ථනය වන වක්‍රයක, සාදාකාලික ඒකීයත්වයක් තුළ චලනය නොවන අතර, සැබෑ ඓතිහාසීය පරිණාමයක් තුළින් ගමන් කරන බවත්, පෙන්නුම්කර තිබේ. මේ හා සම්බන්ධයෙන් අන් හැමදෙනාටම ප්‍රථම ඩාවින්ගේ නම සදහන් කළ යුතුය. ජීවෙන්ද්‍රිය සහිත සියළු සත්වයන්, පැලෑටි, සතුන් හා මිනිසාමත්, අවුරැදු කෝටි ගණනක් තිස්සේ සිදුවුණු පරිනාම ක්‍රියාදාමයක නිර්මාණයන් වන බව ඔප්පු කිරීමෙන් ඔහු ස්වභාව ධර්මය පිළිබද අධ්‍යාත්මවාදී සංකල්පයට බරපතලතම පහර ගැසුවේය. එහෙත් දයාලෙක්තික ක්‍රමයට චින්තනය කිරීමට උගත් ස්වභාවාත්මවාදීන් ඉතා අඩුය. ඔවුන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙකළ ස්වභාවික විද්‍යාවේ රජයන, කොනක් නොමැති අවුලටත්, එය උගන්වන්නන්ගේ මෙන්ම උගෙන ගන්නන්ගේ හා කර්තෘවරැන්ගේ මෙන්ම කියවන්නන්ගේ ද වික්ෂිප්තතාවයටත්, හේතුවී තිබෙන්නේ සොයාගැනීම්වල ප්‍රථිඵල සහ කලින් පිළිගත් චින්තන ක්‍රම අතර ඝට්ටනයයි.

එනිසා, විශ්වය, එහි පරිනාමය හා මිනිස් වර්ගයාගේ පරිණාමය හා මෙම පරිණාමය මිනිස් සිත තුළ පරාවර්ථනය වීම පිළිබද නිවැරදි පිළිබිඹුවක් ලබාගත හැක්කේ, ජීවිතයේ සහ මරණයේද, ප්‍රගතිගාමක සහ ප්‍රතිගාමක වෙනස් වීම් වලද අසංඛ්‍යාත ක්‍රියා හා ප්‍රථික්‍රියා ගැන අනවරත සැලකිල්ලක් දක්වමින් දයාලෙක්තික ක්‍රමය අනුගමනය කිරීමෙන් පමණකි. නව ජර්මන් දර්ශනය කටයුතු කර තිබෙන්නේ මෙම ජීවගුණයෙන් යුතුවය. ප්‍රසිද්ධ ප්‍රාරම්භක ආවේගය දෙනුලැබීමෙන් පසුව, කාන්ට් ඔහුගේ චරියාව පටන්ගත්තේ, නිව්ටන්ගේ ස්ථායී ‍ෙසෟරග්‍රහ මණ්ඩලය සහ එහි සදාකාලික පැවැත්ම පිළිබද ගැටළුව විසදමින්, හා එය ඓතිහාසික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවත්, බ්‍රමණය වන මහා පටල ස්කන්ධයකින් සූර්යයා සහ සියළුම ග්‍රහ තාරකා සැදුණු බවත් පෙන්වා දෙමින්ය. ඒ අතරම, සෞරග්‍රහ මණ්ඩලයේ මුල මෙසේම පිළිගත් විට, එහි අනාගත මරණය අවශ්‍යයෙන්ම සුදුවිය යුතු බව ඔහු නිගමණය කළේය. අර්ධ ශතවර්ෂයකින් පසුව ඔහුගේ න්‍යායය ලාප්ලාස් විසින් ගණිතමය වශයෙන් ඔප්පු කරන ලදී. විවිධ ඝනීභවනීය අවස්ථාවල පසුවන එවැනි තාපදීප්ත වායු ස්කන්ධයන් අවකාශයේ පවතින බව වර්ණාවලී දර්ශකය විසින් ඊට ශතවර්ෂයකට පසුව ඔප්පුකරන ලදී.

නව ජර්මන් දර්ශනවාදය හේගල්ගේ ක්‍රමයෙන් උච්ඡාවස්ථාවට පත්විය. ප්‍රථම වතාවට, ස්වාභාවික, ඓතිහාසික හා බුද්ධිමය යන හැම අංශයක්ම ඇතුළත් මුළු ලෝකයම, ක්‍රියාවලියක් ලෙස, එනම් අනවරත ලෙස චලිත වෙමින්, වෙනස් වෙමින් පරිවර්ථනය වෙමින් සංවර්ධනය වෙමින් පවතින්නක් ලෙස පිළිබිඹු කරන ලද්දේ මෙම ක්‍රමයෙනි. එම ක්‍රමයේ ශේෂඨ යහ ගුණය එයයි. තවද, චලනය සහ සංවර්ධනය අවිච්ඡේද සමස්තයක් බවට පත්කරන අභ්‍යන්තර සම්බන්ධතාවය සොයා ගැනීමේ ප්‍රයත්නයක් ද එය දරයි. මෙම දෘෂ්ටි කෝණය අනුව බලන කළ මිනිස් වර්ගයාගේ ඉතිහාසය, පරිනත තර්ක බුද්ධියේ විනිශ්චයාසනය හමුවේ එකසේ හෙළා දැකිය හැකි සහ හැකි තරම් ඉක්මනින් අමතක කිරීමට සුදුසු වන අර්ථයක් නැති ප්‍රචන්ඩ ක්‍රියා පිළිබද නපුරු සුලියක් මෙන් තවදුරටත් නොපෙනෙන අතර, එය මිනිසාගේම පරිණාමයේ ක්‍රියාදාමය ලෙසට පෙනේ. මෙම ක්‍රියාවලිය එහි සියළු දහර මාර්ගයන් ඔස්සේ ක්‍රමික ලෙස ගමනේ යෙදෙන කළ ඒ ගැන සෝදිසියෙන් සිටීමත්, අහඹුවෙන් සිදුවන සේ පෙණෙන එහි ප්‍රපංචයන් සියල්ලම තුළින් දිවෙන අභ්‍යන්තර නීතිය සොයා ගැනීමත්, දැන් බුද්ධියට පැවරී තිබෙන කර්තව්‍යය ය.

හේගල්ගේ ක්‍රමයෙන් ගෙනහැර දැක්වූ ප්‍රශ්නය එය විසින් නොවිසදන ලද බව මෙහිදී වැදගත් කරුණක් නොවේ. නමුත් එහි යුග නිර්මාණක ගුණය වුයේ එය එම ප්‍රශ්නය ගෙන හැර දැක්වීමය. මෙය නම් කිසිම තනි පුද්ගලයෙකුට විසදිය නොහැකි ප්‍රශ්නයකි. හේගල් සෙන්-සිමොන්ද සමග-ඔහුගේ කාලයේ ඉතාමත් සර්ව විද්‍යා විශාරද චින්තනය විය. එහෙත්, ඔහුද සීමාවන්ට යටත් විය. ප්‍රථමයෙන්ම අවශ්‍යයෙන්ම ඔහුගේ දැනුමේ සීමාවන්ටද, දෙවැනිව ඔහුගේ යුගයේ දැනුමේ හා සංකල්පයන්ගේ ප්‍රමාණය හා ගැඹුර පිළිබද සීමාවන්ටද ඔහු යටත් විය. මෙම සීමාවන්ට තවත් තුන්වැන්නක් එකතු කළ යුතු වේ. හේගල් විඥානවාදියෙක් විය. ඔහු තම මොළය තුළ වු චින්තනයන්, සැබෑ ද්‍රව්‍යයන් සහ සිද්ධිමාලාවන් දක්වන තරමක් වියුක්ත පින්තූර පමණක් වන බවය. මේ ආකාර චින්තන ක්‍රමය සියලු දේම උඩයට හැරෙව්වේය. ලෝකයේ වන ද්‍රව්‍යවල සම්බන්ධය සම්පූර්ණයෙන්ම ප්‍රතිවර්තනය කළේය. හේගල් එක් එක් කාරණා කාණ්ඩ නිවැරදි ලෙස හා විචක්ෂණ ලෙස සාක්ෂාත් කරගත්තේය. සාක්ෂාත් කරගත්තේය. එහෙත් එසේම, ඉහත දක්වා ඇති හේතු කාරණා කොට ගෙන මතගෑ, කෘත්‍රීම, රළු ලෙස නිමවාගත්, කොටින් කියතහොත්, විස්තරාත්මක කරුණු අනුව වැරදි තැන් ඔහුගේ කුමයෙහි ඇත. හේගල්ගේ ක්‍රමය මුළුමනින්ම ගත් කල එය යොධ ගබ්සාවක් බදුවිය. එහෙත් එය එම වර්ගයේ අවසාන එකද විය. ඇත්ත වශයෙන් එය අභ්‍යන්තර හා අසාධ්‍ය ප්‍රතිවිරෝධයකින් පීඩිතව පැවතියේය. එක් අතකින් එහි මුඛ්‍ය ප්‍රස්තුතය, මිනිස් ඉතිහාය යනු පරිනාමයේ සිද්ධිමාලාවක්ය යන සංකල්පය වූ අතර, එහි ස්වභාවය නිසාම, ඊනියා පරම සත්‍ය සොයා ගැනීම තුළින් එයට තමන්ගේ අංග සම්පූර්ණ සංණඛ්තය දැකගත හැකි නොවීය. නමුත්, අනිත් අතට, එය මෙම පරම සත්‍ය‍යයේ වැදගත්ම කොටස වන බවට අයිතිවාසිකම් කීවේය. සර්වග්‍රාහී සහ සදාකාලික සේ සර්ව සම්පූර්ණ සවභාවික හා ඓහාසීය ඥාන ක්‍රමයක් යනු දයලෙක්තික තර්කණයේ මූලික නීතියට ප්‍රතිවිරෝධී වන්නකි. බාහිර විශ්වය ගැන වූ ක්‍රමික දැණුම යුගයෙන් යුගයට යෝධ පියවරයන් තබන්නේය. යන අදහස මෙම නීතියෙහි අන්තර්ගතය. එය එම අදහස කිසිසේත් ප්‍රති‍ක්ෂේප නොකරයි.

ජර්මන් විඥ්ඥානවාදයේ මූලික ප්‍රතිවිරෝධය හදුනා ගැනීම නිසා අවශ්‍යයෙනම ආපසු ද්‍රව්‍යවාදය කරා ගමන සිදුවිය. එහෙත් මෙහිදී එක් වැදගත් කරුණක් සදහන් කරගත යුතුවේ. ඒ ආපසු යාම වූයේ හුදෙක්ම දහඅටවන ශත වර්ෂයේ අධ්‍යාත්මවාදී, තනිකරම යාන්ත්‍රික සවභාවයේ ද්‍රව්‍යවාදය වෙතට නොවේ. පැරණි ද්‍රව්‍යවාදය මුලු ඉකුත් ඉතිහාසයම දෙස බලන්නේ කදු ගැසුනු දළදඩු අතාර්කික භාවයක් හා සැඩකමක් ලෙසටය. නවීන ද්‍රව්‍යවාදය එය දකින්නේ මිනිස් වර්ගයාගේ පරිනාම සිද්ධිමාලාව තුලිනි. එය එහි නීති තේරුම් ගැනීමට අරමුණු කරයි. දහ අටවන ශතවර්ෂයේ ප්‍රංශුවන් අතර හා හේගල් තුළ පවා ස්වභාව ධර්මය පිළිබදව බලපැවති සංකල්පය වූයේ එය පටු කව මාර්ගයක චලනය වන, සදාකාලීකවම විපරිනාම ලෙස පවතින, එසේම, නිව්ටන් ඉගැන්වූ පරිදි එහි සදාකාලික ඛගෝල වස්තුද, ලින්නේ උගැන්වූ පරිදි වෙනස් කළ නොහැකි ජීවේන්ද්‍රීය වර්ගයන් ද අන්තර්ගත කරගත් එකක් බවයි. නවීන ද්‍රව්‍යවාදය සවභාවික විද්‍යාවේ වඩාත් මෑත සොයාගැනීම් ආලිංගණය කර ගනී. නවීන විද්‍යාවේ සොයාගැනීම් අනුව ස්වභාව ධර්මයාටද කාලයානු බද්ධ ඉතිහාසයක් ඇත. යහපත් තත්වයන් යටතේ ඛගෝලීය වස්තුවල වෙසෙන ජීවේන්ද්‍රීය දේහයන් මෙන්ම එම වස්තුද උපදවමින්, විනාශ වෙමින් පවතී. සවභාව ධර්මය සමස්තයක් වශයෙන් පුනරාවර්තන චක්‍ර මාර්ගයක ගමන් ගනිතයි කීමට කිසියම් ලෙසකින් තවමත් උවමනා කරතත් එම චක්‍රයන් විශාලත්වයෙන් අනන්තමය පරිමාණයක් ගන්නේය. මේ දේඅංශයෙන්ම නවීන ද්‍රව්‍යවාදය ප්‍රධාන වශයෙන්ම දයලෙක්තික වේ. එනිසා, රැජිනක් ලෙසට අනෙකුත් විද්‍යාවන් නැමැති කළහකාරී රංචුව පාලනය කරන බවත්, පෙනවූ ආකාරයේ දර්ශනවාදයක ආධාරය දැන් එයට උවමනා නැත. මහා ද්‍රව්‍ය සමස්තයක්, ද්‍රව්‍ය පිළිබදව අපේ දැණුම සම්භාරයක් තුළ විශේෂ විද්‍යාවකට හිමිවන තැන නොවැලැක්විය හැකි ලෙසම පැහැදිළි කිරීමට එයට සිදුවූ වහාම සමස්තය සම්බන්ධයෙන් ව්‍යාවෘත වන විද්‍යාවක් යනු අතිරික්තයක් හෝ අනවශ්‍ය දෙයක් හෝ වන්නේය. මුළුමහත් අතීත දර්ශනවාදය සමස්තයෙන්ම තවමත් රැකී පවතින්නේ චින්තන විද්‍යාව හා එහි නීති, එනම් විධිමත් තර්ක ශාස්ත්‍රය හා දයලෙක්තික ක්‍රමය පමනෙකි.

කෙසේ හෝ වේවා, සවභාවධරමය පිළිබද සංකල්පයේ විප්ලවය ඇතිකළ හැක්කේ, පර්යේෂණ විසින් සම්පාදනය කරන නියත කරුණු වලට අනුපාත වන ලෙස නමුත්, දැනටමත්, ඉතිහාසය පිළිබදව සංකල්පය තීරණාත්මක ලෙස වෙනස් වීමට තුඩුදුන් යම් යම් අයිතිහාසික සාධක බොහෝ ඉහතදී ඇතිවී තිබේ. ප්‍රථම කම්කරැ පංති කැරැල්ල 1831 දී ලියෝන් හිදී ඇති විය. ප්‍රථම ජාතික කම්කරැ පංති ව්‍යාපාරය, එනම් ඉංග්‍රීසි චාටිස්ට් වරුන්ගේ ව්‍යාපාරය 1838 හා 1842 අතර කාලයේදී එහි උච්ඡස්ථානයට නැංගේය. යුරෝපයේ දියුණු රටවල් බොහෝමයකම ඉතිහාසය තුළ නිර්ධන පංතිය හා ධනපති පංතිය අතර පංති අරගලය පෙරමුණට වන්නේය. එය පෙරමුණට ආයේ එක් අතකින් නවීන කර්මානතයේද අනික් අතින් ධනපති පංතිය අළුතින් ලබාගත් දේශපාලන අධිපතිත්වයේද සංවර්ධනයට අනුපාත ලෙසය. ප්‍රග්ධනයේ සහ ශ්‍රමයේ අවශ්‍යතාවයන්ගේ සර්ව සමතාවය ගැන ද, මුදාහරින ලද තරගයේ ප්‍රථිඵලයක් වශයෙන් ඇතිවන විශ්වීය සංගතතාවය හා විශ්වීය සමෘද්ධිය ගැන ද කියන ධනපති ආර්ථිකයේ උගැන්වීම් සත්‍ය කරුණු විසින් වැඩි වැඩියෙන් බොරුකරනු ලැබ තිබේ. ඉතාමත් අසම්පූර්ණ ලෙස වුවද මේ සියල්ලෙහි න්‍යායික ප්‍රකාශනය වූ ප්‍රංශ හා ඉංග්‍රීසි සමාජවාදය අමතක කළ නොහැකි සේම, මෙම කරුණු තවදුරටත් අමතක කළ නොහැකිය. නමුත්, තවමත් ඉවත්කර දමා නැති, ඉතිහාසය පිළිබදව වූ විඥානවාදී සංකල්පය ආර්ථික උවමනාවන් පදනම් කරගත් පංති අරගල ගැන කිසිවක් නොදත්තේය; ආර්ථික උවමනාවන් ගැන කිසිවක් නොදත්තේය. නිශ්පාදනය හා සියලුම ආර්ථික සම්බන්ධකම් එය තුළ පිළිබිඹු වූයේ "ශිෂ්ටාචාරයේ ඉතිහාසයෙහි" අමතර හා අප්‍රධාන කොටස් ලෙසටය.

නව කරුණු සොයා ගැනීම නිසා, මුළු අතීත ඉතිහාසයම නව විමර්ශනයකට ලක් කිරීම අවශ්‍ය විය. ආදිකල්පික අවධි හැර, මුළු අතීත ඉතිහාසයම පංති අරගල ඉතිහාසයක් බවත්, මෙම යුද්ධකාරී පංති නිතරම නිශ්පාදන සහ හුවමාරු මාර්ගවල, කොටින් කියතොත්, එම වකවානුවේ පැවති ආර්ථික තත්වයන්ගේ නිශ්පාදිතයන් වූ බවත්, සමාජයේ සැබෑ පදනම සැපයෙන්නේ ආර්ථික ව්‍යුහයෙන් බව හා නිශ්චිත ‍ෙඑතිහාසික කාලයක නෛතික හා දේශපාලන ආයතන ද, ආගමික, දේශපාලන සහ අනෙකුත් අදහස් ද ඇතුලත් සමස්ත උඩු ව්‍යුහයම ගැන සම්පූර්ණ සහේතුක විස්තරයක් කළ හැක්කේ එම පදනමෙන් පටන් ගැනීමෙන් පමණක් බවත්, එවිට පෙනී ගියේය. හේගල් ඉතිහාසය ගැන අවබෝධය ආධ්‍යාත්ම වාදයෙන් මුදා ගත්තේය. ඔහු එය දයලෙක්තික ස්වභාවයට පත්කර තිබුණි. නමුත් ඉතිහාසය පිළිබද වූ ඔහුගේ සංකල්පය ප්‍රධානකොටම විඥානවාදී විය. එහෙත් ‍ෙම්් වන විට විඥානවාදය එහි අවසාන රක්ෂස්ථානයෙන්, එනම් ඉතිහාසය පිළිබද දර්ශන වාදයෙන් පන්නා දමා තිබුණි. මේ වන විට ද්‍රව්‍යවාදී ලෙස ඉතිහාසය විස්තර කිරීම ගෙනහැර දක්වන ලදී. එතෙක් කළ ලෙසට මිනිසාගේ පැවැත්ම ඔහුගේ විඥානය අනුව විස්තර කරනවා වෙනුවට ඔහුගේ විඥානය ඔහුගේ පැවැත්ම අනුව විස්තර කිරීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී.

එතැන් පටන් ඉදිරියට, සමාජවාදය හෝ අනෙක් විදර්ශක මොලයෙහි නිමැවුමක් නොව, ඓතිහාසික වශයෙන් සංවර්ධිත පංති දෙකක් අතර, නිර්ධන පංතිය හා ධනපති පංතිය අතර, අරගලයේ අවශ්‍ය ප්‍රථිපලය විය. හැකි තරම් පරිපූර්ණ සමාජයක් ගොඩ නැගීම එහි කර්තව්‍ය වශයෙන් ඉන් පසු පිළිගැනිනි. එතැන් පටන් එහි කර්තව්‍ය වූයේ මෙම පංති සහ ඒවායේ විරැද්ධතාවය පැණනැගීමට හේතුවූ ඓතිහාසික - ආර්ථික සිද්ධි පරම්පරාව පරීක්ෂා කිරීම හා එමස් නිර්මාණය වූ ආර්ථික කොන්දේසි කොන්දේසි තුළින් ඝට්ටනය කෙලවර කිරීමේ මාර්ග සොයා ගැනීමය. නමුත් පසුගිය කාලයේ සමාජවාදය මෙම ද්‍රව්‍යවාදී සංකල්පය සමග නොගැලපුනේය. එය, ප්‍රංශ ද්‍රව්‍යවාදීන් දැරූ ස්වාභාව ධර්මය පිළිබදව වූ සංකල්පය සමග දයලෙක්තික ක්‍රමය හා ස්වභාවික විද්‍යාව නොගැලපුණු සේම විය. ඉහත කාළයේ සමාජවාදය, පැවති ධනපති නිශ්පාදය සහ එහි ප්‍රථිපල ඇත්ත වශයෙන්ම විවේචනය කළේය. නමුත් ඒයට ඒවා විග්‍රහ කර දැක්විය නොහැකි වූ හෙයින්, ඒවා අභිබවා ජය ලැබීමට එය සමත් නොවීය. එයට කළ හැකි වූයේ ඒවා නරක බව කියා හුදෙක් ප්‍රතික්‍ෂ්ප කිරීම පමණකි. ධනපති ක්‍රමය යටතේ නොවැලැක්විය හැකි දෙයක් වූ කම්කරැ පංතිය සූරාකනු ලැබීම ගැන යටගිය සමාජවාදය කළ හෙලාදැකීම බලවත් වූ තරමටම, මෙම සූරාකෑම කුමකින් සමන්විතවීද, එය කුමකින් පැණනැංගේද යන්න පැහැදිළි ලෙස පෙන්වා දීමට එය අසමත් වූයේය. එහෙත් මෙය කිරීම සදහා (01.) ධනපති ක්‍රමයේ ඓතිහාසික සම්බන්ධය සමග හා විශේෂ ඓතිහාසික කාලපරිච්ඡේදයක් තුලදී එහි අනිවාරණීය භාවය දක්වමින් එය ඉදිරිපත් කිරීම ද, ඒ අනුවම එහි බිදවැටීමේ අනිවාර්ය භාවය ඉදිරිපත් කිරීම ද, එසේම, (02) ඒවන තෙක්ම රහසක්ව පැවති එහි ප්‍රධාන ස්වාභාව ලක්ෂණය හෙළිදරව් කිරීම ද අවශ්‍ය විය. අතිරික්ත වටිනාකම සොයා ගැනීමෙන් එය ඉටුකරන ලදී. ධනපති නිශ්පාදන ක්‍රමයේත්, එය යටතේ කම්කරුවා සූරාකනු ලැබීමේත්, පදනම වන්නේ ගෙවීමක් නොකර ශ්‍රමය අතකර ගැනීඹ වන බවත්, වෙළදපලේදී ධනපතියා ඔහුගේ ශ්‍රමිකයාගේ ශ්‍රම ශක්තිය සදහා එහි පූර්ණ මිල ගෙවා එය වෙළද භාණ්ඩයක් වශයෙන් මිළට ගත්තද, ඔහු ඒ සදහා ගෙවූ මිලට වඩා වටිනාකමක් එයින් උදුරා ගන්නා බවත්, එමෙන්ම, අවසාන විග්‍රහයේදී හිමිකාර පංති අතෙහි ගොඩගැසෙන නිරතුරු වැඩිවන ප්‍රාග්ධන ස්කන්ධයන් බවට පත්වන විටිනාකම් ප්‍රමාණයන් සෑදෙන්නේ මෙම අතිරික්ත වටිනාකමෙන් බවත් පෙන්වා දෙන ලදී. ධනපති නිෂ්පාදනය හා ප්‍රග්ධන නිශ්පාදනය යන දෙකෙහිම මූලාරම්භය මෙයින් පැහැදිළි විය.

ඉතිහාසය පිළිබද ද්‍රව්‍යවාදී සංකල්පය හා අතිරික්ත වටිනාකම මගින් ධනපති ක්‍රමයේ නිශ්පාදනයේ රහස හෙළිදරව් කිරීම යන මේ සොයා ගැනීම් දෙක අප හමුවේ තැබුවේ මාක්ස්ය. මෙම සොයාගැනීම් සමගම සමාජවාදය විද්‍යාවක් බවට පත්විය. ඊළගට කළ යුතු වූයේ එහි විස්තර හා සම්බන්ධකම් සියල්ල පැහැදිළි කිරීමය.

 

සටහන්

[51] විද්‍යා සංවර්ධනය පිළිබද ඇලෙක්සන්ද්‍රියානු කාලය ක්‍රිස්තුපූර්ව තුන්වන ශතවර්ෂයේ පටන් ක්‍රිස්තුවර්ෂ හත්වැනි ශතවර්ෂය දක්වා පැතිරෙයි. එයට නම ලැබුනේ ඇලෙක්සන්ද්‍රියාව යන ඊජිප්තු නගරයෙනි. එවකට එය ජාත්‍යන්තර ආර්ථික ගනුදෙනු පිළිබද මධ්‍යස්ථානයක් විය. ඇලෙක්සන්ද්‍රියානු කාලයේදී විද්‍යාවන් ගණනාවකට ප්‍රමුඛත්වය දෙන ලදී. ගණිතය, යාන්ත්‍රික විද්‍යාව (යුක්ලීදෙස් හා ආර්හිමේදෙස්) භූගෝල විද්‍යාව, තාරකා ශාස්ත්‍රය, ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව හා වෙනත් විද්‍යා ඒ අතර විය.